- කොහොමද යුරේනි?
හොඳයි. මේ දවස්වල කාර්යබහුල නෑ. ඒ නිසා විවේකීව ඉන්නවා. ජුනි මාසේ ඉඳන් නැවැත වැඩ කිහිපයක්ම කරන්න තියෙනවා.
- පහුගිය දවස්වල නිර්මාණවලින් යුරේනිව වෙනස් විදියට දැක්කා. ඒ විදියේ වෙනස්කම්වලින් ආයෙම දකින්න පුළුවන්ද?
ඔව්. මට හුඟක් නිර්මාණවලට කතා කළා. ඒත් මට ඕන වුණේ වෙනස් විදියට ප්‍රේක්‍ෂකයන් අතරට එන්න. රූ සපුව දිහා බලලා ගොඩක් අය හිතන්නේ මට බටහිර පන්නයේ චරිත විතරයි කරන්න පුළුවන් කියලා. මම ඒ සම්මතය බින්දා. සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ අයෝධ්‍යා ලෙස ඉදිරියට තිබ්බ පය මම ආපස්සට ගන්නෑ. මම අභියෝගාත්මක චරිත කරන්න කොහොමත් කැමැතියි. ඉදිරියේදී ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් ආරම්භ කරනවා.
- ඒ ටෙලි නිර්මාණවල ඔබ සොයන වෙනස තියෙනවද?
මට ලැබුණ ටෙලි නාට්‍ය දෙකේම පිටපත වෙනස්. මේ දෙකම කොටස් පනහේ නාට්‍ය දෙකක්. චරිතවල විශේෂයක් නැතත් කූඹියෝ සහ අනෙක් ටෙලි නාට්‍ය, නිර්මාණයක් අතින් වෙනස්. ඒ නිසයි මම ඒ නිර්මාණ භාර ගත්තේ. අධ්‍යක්‍ෂවරු වෙනස් දෙයක් මට කරන්න පුළුවන් කියලා විශ්වාස කළොත් මාව ඉදිරියටත් වෙනස් නිර්මාණවලින් දකින්න පුළුවන්.
- යුරේනි නිළියක් විදියට බලන බලන තැන දකින්න නැත්තේ ඇයි?
මම ඒක හිතලා කරන්නෑ. නිර්මාණවලට ලබාදෙන මුදල් පිළිබඳ ප්‍රශ්න නිසයි මම ගොඩක් නිර්මාණවල දකින්න නැත්තේ. නිර්මාණයට ආස වුණත් මුදල නිසා නිර්මාණ අතහරින්න වුණා. හරි දෙයක් කරන ගමන් අපි යැපෙන්න ඕනෙත් මෙතැනින්නේ.
- මුදලට නිර්මාණ තෝරගන්න ගිහින් නිර්මාණ මඟහැරෙන එක අපරාධයක් නෙවෙයිද?
මෙහෙමයි, අධ්‍යක්‍ෂවරුන්ට අපේ මුදල ගෙවාගන්න අමාරු වුණාම අලුත් අය දාලා ඒ වැඩේ කරනවා. හැබැයි පිටපත ලියද්දි මාව ඔළුවේ තියෙගෙන ලිව්වොත් ඒ චරිතය මට ලැබෙනවා. සිහින සින්ඩරෙල්ලා, කූඹියෝ කියන්නේ ඒ වගේ නිර්මාණ.
- තමන්ගේ වටිනාකමට නිර්මාණ ලැබෙන වෘත්තීමය ස්ථාවරයක් මේ ක්‍ෂේත්‍රයේ හදාගන්න පුළුවන්ද?
- යුරේනිට වෘත්තීමය ස්ථාවරත්වයක් හදාගන්න මොනවද බලපෑවේ
වාසනානව, තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය, තමන්ව අවතක්සේරු කර නොගැනීම තමයි බලපෑවේ. මගේ Comercial Value එක ඉහළයි. මට ඒ වෙනුවෙන් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඒ විදියට ඉල්ලුමක් තියෙන්නේ මගේ Marcket Value එක නිසා මම නිර්මාණ ගොඩක් නොකෙරුවාට යුරේනි කිව්වම මාව අදුරනවා. ජනප්‍රිය වීම විතරක් නොහිතා ඉදිරිය ගැන හිතලා වැඩ කළොත් මේ ක්‍ෂේත්‍රයේ ස්ථාවර වෙන්න පුළුවන්.
- යුරේනි අඩ නිරුවතින් තමන්ව Marcket කරන්න කැමැතිද?
අපෝ නෑ.
- වටිනාකමට නිර්මාණ තෝරගෙන රඟපාන්නේ යුරේනිට වත්කමක් තිබිලද?
මට ගොඩක් Events ලැබෙනවා. නිවේදන කටයුතුත් ලැබෙනවා. ඒ දේවල්වලින් වියදම් පියවගෙන යම් ප්‍රතිශතයක් ඉතුරු කරනවා. ලොකු වත්කමක් නෑ. ගැටගහගෙන යෑමක් තමයි තියෙන්නේ. හම්බ කරන ප්‍රමාණය වැඩි වගේම අපේ පැවැත්මට ලොකු වියදමක් යනවා.
- විදේශ රටකත් ඔබට ඉල්ලුමක් හැදුණා නේද?
- එක කාලයක අදින පලඳින දේවල් නිසා යුරේනිව විවේචනය කළා. එය ඔබට හොඳ බලපෑමක්ද නරක බලපෑමක්ද ඇති කළේ?
- ළඟදී පටන් ගත්ත ව්‍යාපාරය සාර්ථකද?
- දැන් පෙම්වතියක්නේ?
- සාර්ථක ජීවිතයක් ගෙනියන්න සුදුසුම කෙනාද ලැබිල ඉන්නේ?
- ප්‍රසිද්ධ විවාහයකට කැමැති නෑ කියන්නේ ඇත්තද?
- මොනවද ඉදිරි බලාපොරොත්තු?
- මවුබිම පුවත්පතිනි
No comments:
Post a Comment