Translate

Translate

Showing posts with label ප්‍රදේශ රැසකට වැසි සුළං හා අකුණු. Show all posts
Showing posts with label ප්‍රදේශ රැසකට වැසි සුළං හා අකුණු. Show all posts

Wednesday, April 23, 2014

ප්‍රදේශ රැසකට වැසි සුළං හා අකුණු

තුෂාරී කළුබෝවිල

දිවයින ආශ්‍රිතව හටගෙන ඇති කැළඹිලි ස්‌වභාවය තවදුරටත් පවතින බැවින් අද (24 වැනිදා) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කීපයක වැසි, සුළං හා අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා දිවයින ට පැවැසීය.විශේෂයෙන් ම ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්‌වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල දවසේ ඕනෑම වේලාවකදීත් වැසි, සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ඒ මහතා කීවේය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි හා ඇතැම් ස්‌ථානවල තරමක තද සුළං ද ඇති විය හැකි යෑයි හෙතෙම පැවැසීය.

තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජයසේකර මහතා අනතුරු ඇඟවීය.