Translate

Translate

Showing posts with label සීගිරි සුදු තිරුවානා කඩන්න කැටපිලර්. Show all posts
Showing posts with label සීගිරි සුදු තිරුවානා කඩන්න කැටපිලර්. Show all posts

Tuesday, March 25, 2014

සීගිරි සුදු තිරුවානා කඩන්න කැටපිලර්

සීගිරිය සීගිරිමුල්ලේ ගල්වළක සුදු තිරිවානා නිධිය කැනීමට අනවසරයෙන් කැටපිලර් යොදා ඇතැයි පොලිසිය ද ගැමියෝ ද කියති.
එවැනි කැටපිලර් යන්ත්‍රයක් හා රියදුරෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සුදු තිරිවානා පිටරට යැවීම සඳහා සකස් කරන බව දැනගන්නට ඇත.
සුදු තිරිවානා කැනීමට බලපත්‍ර ඇතත් කැටපිලර් යෙදීමට බලපත්‍ර ලබා ගෙන නැති බව ව්‍යාපාරික සිරිල් ආරියරත්න මහතා පිළිගනී.
තමා ප්‍රදේශයේ පිරිසකට රැකියා රැසක් මේ ගල් වළෙන් ලබා දී ඇතැයි කියන ඔහු එම ගල් වළේ වැඩ නතර කරන බව ද කියයි.