Translate

Translate

Showing posts with label විශ්වාස භංගයෙන් රජය දිනුම්. Show all posts
Showing posts with label විශ්වාස භංගයෙන් රජය දිනුම්. Show all posts

Thursday, May 22, 2014

විශ්වාස භංගයෙන් රජය දිනුම් පක්‍ෂව ඡන්ද 57 යි විරුද්ධව ඡන්ද 151 යි විමල්ලා, පාඨලීලා පාර්ලිමේන්තු නොඑති

විශ්වාස භංගයෙන් රජය දිනුම්පක්‍ෂව ඡන්ද 57 යි විරුද්ධව ඡන්ද 151 යි
විමල්ලා, පාඨලීලා පාර්ලිමේන්තු නොඑති
කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය රාජ්‍යයක්‌ බවට පත් කිරීමෙන් හා ජනතාවගේ සුබසාධනය තහවුරු කිරීමට රජය අපොහොසත්ව ඇතැයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ආණ්‌ඩුවට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව ඊයේ වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය.විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව ඡන්ද 57 ක්‌ද, විරුද්ධව ඡන්ද 151 ක්‌ද ලැබිණි.

ආණ්‌ඩු පක්‍ෂයේ සාමාජිකයෙක්‌ වන ජාතික හෙළ උරුමයේ ඇමැති පාඨලී චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමිද, ජාතික නිදහස්‌ පෙරමුණේ ඇමැති විමල් වීරවංශ සහ නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතාද විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය ගෙන ආ විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශය කළහ.

මෙම විශ්වාස භංග යෝජනාව පෙරේදා 

(20 දා) සහ ඊයේ (21 දා) දෙදින පුරා විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඊයේ සවස 5.00 ට සිදු කෙරිණි.

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසිය යුතු බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගෙන් ඉල්ලා සිටියේය. 

මේ අනුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම සිදු කෙරිණි.