Translate

Translate

Showing posts with label මම සොඳුරු අරගලකරුවෙක් වුණත් මට වැරදුනා.. ගීතා නෝනා ජනතාවට වැඩ කරයි. Show all posts
Showing posts with label මම සොඳුරු අරගලකරුවෙක් වුණත් මට වැරදුනා.. ගීතා නෝනා ජනතාවට වැඩ කරයි. Show all posts

Saturday, April 5, 2014

මම සොඳුරු අරගලකරුවෙක් වුණත් මට වැරදුනා.. ගීතා නෝනා ජනතාවට වැඩ කරයි

තමන් සොඳුරු අරගලකරුවෙක් වුවද තමනට වැරැුදුණ බවත් ගීතා නෝනා ජනතාවට වැඩ කරනු ඇති බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න පවසයි.
‘මටයි වැරැුදිලා තිබුණේ. ජනතාව හරි තීන්දුව ගත්තා. එයාලා මාව දේශපාලනයට හරියන්නේ නැහැ කියලා තීරණය කළා. මම සොඳුරු අරගලකරුවෙක්. ඒ සොඳුරු අරගලකරුවා ඔවුන් පිළිගත්තේ නැහැ.
ප‍්‍රධාන හේතුව මට සල්ලි නැහැ. ගීතා නෝනා වගේ මම සාරි, කුඩ බෙදුවේ නැහැ. මම වියදම් කරලා දැන්වීම්, පෝස්ටර් ගැහුවේ නැහැ. මගේ මැතිවරණ වේදිකාවට ඇමතිවරු ගෙනත් සින්දු කියැව්වේ නැහැ. එක ඇමතිවරයෙක් මං වේදිකාවට නැග්ගේ නැහැ. මම ස්ත‍්‍රී දුෂණ කළේ නෑ. වෙන අය වාගේ හොර ගෑනු තියන් හිටියේ නෑ. එහෙම කළා නම් මටත් ඡන්දේ දිනන්න තිබුණා.
පක්ෂය මාව තනිකළා. මට ටිකට් එක දීලා මාව පැරැද්දුවාද කියලත් මට හිතෙනවා. ඡන්දෙට දවස් 03ක් තියෙද්දී ගීතාට පාරවල් 06ක් දුන්නා කාපට් කරන්න. එහෙම කරපුවාම ගීතා ජනප‍්‍රිය වෙනවා කියලා එයාලා හිතුවේ නැහැ. මම නැති වෙනවා කියලා එයාලා හිතුවේ නැහැ. කොහොම හරි මිනිස්සු තීරණය කළා මාව සුදුසු ගුරු වෘත්තියට හා නිතීඥ වෘත්තියට විතරයි කියලා.ගීතා නෝනා ජනතාවට වැඩ කරයි’ යයිද ඔහු කියයි.