Translate

Translate

Showing posts with label වන්නි සටනේ අවසන් මෙහෙයුමේ ඉන්දීය හමුදා?. Show all posts
Showing posts with label වන්නි සටනේ අවසන් මෙහෙයුමේ ඉන්දීය හමුදා?. Show all posts

Wednesday, April 16, 2014

වන්නි සටනේ අවසන් මෙහෙයුමේ ඉන්දීය හමුදා?

ශ්‍රී ලංකා යුද්ධයේ අවසාන භාගයේ දී ඉන්දීය යුධ හමුදාව යුද පිටියේ සිටි බවට පළ වන තොරතුරු අසත්‍ය බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.
‘කිසිම විදේශීය හමුදාවක් අපේ හමුදාත් එක්ක එකතු වෙලා සටන් බිමේ සටන් කෙරේ නැහැ’ හිටපු හමුදාපතිවරයා පැවසීය.
අවසාන යුද්ධයට ඉන්දියානු හමුදාව සෘජුවම සම්බන්ධ වී සිටි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
ලෝකයේ බොහෝ රටවලින් තමන්ට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබුණු බව පැවසූ හිටපු හමුදාපතිවරයා ඇතැම් රටවල් එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය අනුමත කළ බව ද කියා සිටියේය.
අවසාන යුද පිටියේ සිටි හමුදාවට ඉන්දීය හමුදා නිලධාරියෙකු අණ දෙමින් ක්‍රියා කර ඇති බවට පළ වූ තොරතුර ‘අමූලික බොරුවක්’ ලෙස ද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ යුද්ධයට ඉන්දියාවෙන් බාධාවක් නො තිබූ බවද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව වෙනත් රටකට හමුදා යැවීම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව දිල්ලි දෙමළ නීතිඥ සංගමයේ ලේකම් රාම් ශංකර් තමන්ගේ පෙත්සමේ පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ යුද පිටියේ ඉන්දීය හමුදා සිටි බවට සාක්ෂි ලැබී ඇති බැවින්, ඒ පිළිබඳ ව විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සභාවක් පත් කළ යුතු බවත් නීතිඥ රාම් ශංකර් පෙත්සමෙන් ඉල්ලා සිටී.
- BBC