Translate

Translate

Showing posts with label යකඩ පොලූ වලින් සිහිනැතිවන තුරු පහර දීලා.. තිනකුරල් මාධ්‍යවේදියා රෝහලට. Show all posts
Showing posts with label යකඩ පොලූ වලින් සිහිනැතිවන තුරු පහර දීලා.. තිනකුරල් මාධ්‍යවේදියා රෝහලට. Show all posts

Wednesday, April 16, 2014

යකඩ පොලූ වලින් සිහිනැතිවන තුරු පහර දීලා.. තිනකුරල් මාධ්‍යවේදියා රෝහලට

යාපනය වඩමරච්චිහි තිනකුරල් පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන්ට යාපනයේ නෙල්ලිඅඩි ප‍්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වලින් පහරදීමෙන් තුවාල ලබා පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
අලුත් අවුරුද්දට මව බැලීමට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී මේ ප්‍රහාරය එල්ල වූ බව පවසන ඔහු ප‍්‍රහාරකයන් පහර දීමට පෙර ඔබ අසවල් පුවත්පතේ වාර්තාකරුදැයි විමසා අනතුරුව යකඩ පොලුවලින් එක දිගටම දුන් බවත් සෙල්වදීපන් කියයි.
එහිදී තමන්ට සිහිසුන් වූ තමන් සයිකලය සමග බිම ඇද වැටී සිටියදී පාරේ ගමන් කරමින් සිටි පිරිසක් එය දැක නෙල්ලිඅඩි පොලීසියට සිද්ධිය දැණුම් දී පොලිස් නිලධාරීන්ගේද සහාය මත තමා රෝහල් ගත කර ඇති බවද ඔහු සඳහන් කරයි.