Translate

Translate

Showing posts with label හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති. Show all posts
Showing posts with label හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති. Show all posts

Friday, April 25, 2014

හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති

හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපති

හෝටල් විතරයි.. කැසිනෝ නෑ.. මං සහතික වෙනවා – ජනපතිපාර්ලිමේන්තු විවාදය සඳහා ඉදිරිපත් කර ඇති ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ යෝජිත හෝටල් සංකීර්ණයෙහි කැසිනෝ කී‍්‍රඩා සදහා අවසර දීමක් සිදු කර නැතැයි තමා සහතික වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
‘අලූත් හෝටලයේ කැසිනෝ නැහැ. අනෙක් හෝටල් වලට දීලා තියෙන අවස්ථාවන් තමයි මේ හෝටල් වලටත් දීලා තිබෙන්නේ. මේකේ කැසිනෝ නැහැ. නිවුස් නැති අය එතනට ගිහින් කෑ ගහනවා. ඇත්ත කතාව නම් මෙහි කැසිනෝ නැත කියන එකයි. අනෙක කැසිනෝ ගෙනාවේ අපි නෙවෙයි. ඉස්සර ඉදලම කැසිනෝ තිබුණා.ඒවා අමතක කරන්න එපා’ යැයිද ඒ මහතා එහිදී කීය.