Translate

Translate

Showing posts with label නොරොච්චෝලෙන් මෙගාවොට්‌ 180 ක්‌ එයි!. Show all posts
Showing posts with label නොරොච්චෝලෙන් මෙගාවොට්‌ 180 ක්‌ එයි!. Show all posts

Sunday, February 16, 2014

නොරොච්චෝලෙන් මෙගාවොට්‌ 180 ක්‌ එයි!
උපාලි ද සේරම්

අක්‍රීයව පැවැති නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයේ එක්‌ කොටසක්‌ යළි ක්‍රියාත්මක කර ඇති බැවින් ඉන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට්‌ 180 ක විදුලි උත්පාදනයක්‌ ලබා දෙන බව විදුලිබල මණ්‌ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

නොරොච්චෝල විදුලි බලාගාරයේ අක්‍රීයව ඇති අනෙක්‌ කොටසද ක්‍රිsයාත්මක වූ විට ඉන් මෙගාවොට්‌ 120 ක විදුලි උත්පාදනයක්‌ ජාතික විදුලි පද්ධතියට ලැබීමෙන් පසු ඉන්ධන බලාගාර මගින් ලබාගන්නා විදුලි උත්පාදනය අවම කරගත හැකි බවද සභාපතිවරයා පැහැදිලි කළේය.

විදුලිබල මණ්‌ඩලය සතු සියලු විදුලි බලාගාරවලින් දිනකට මෙගාවොට්‌ 3300 ක විදුලි උත්පාදනයක්‌ සිදුකළ හැකි අතර දිනකට පරිභෝජනය සඳහා අවශ්‍ය වනුයේ මෙගාවොට්‌ 2000 ක්‌ බැවින් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්‌ඩව විදුලි බලය සැපයීමේ හැකියාව විදුලිබල මණ්‌ඩලය සතුව ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.