Translate

Translate

Showing posts with label අයෝ චන්ද්‍රයාගේ ගිනිකඳු පිපිරීමක්. Show all posts
Showing posts with label අයෝ චන්ද්‍රයාගේ ගිනිකඳු පිපිරීමක්. Show all posts

Tuesday, March 11, 2014

බ‍්‍රහස්පති, අයෝ චන්ද්‍රයාගේ ගිනිකඳු පිපිරීමක්






බ‍්‍රහස්පති ග‍්‍රහයාට අයත් අයෝ චන්ද්‍රයා මතුපිට සිදුවූ ගිනිකඳු පිපිරීමක දුර්ලභ වීඩියෝවක් නාසා ආයතනය විසින් ප‍්‍රසිද්ධියට පත්කර තිබේ.
මෙම ගිනිකඳු විදාරණය 2007දී සිදුව ඇති අතර එය නිරීක්ෂණය කර ඇත්තේ නිව් හොරයිසන්ස් යානය විසිනි.  බ‍්‍රහස්පතිගේ තෙවන චන්ද්‍රයා වන අයෝ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 6.2ක් පමණ ඈතින් පිහිටා තිබේ.
සූර්ය ග‍්‍රහමණ්ඩලයේ ගිනිකඳු පිපිරීම් වැඩිම ස්ථානය ලෙස සැලකෙන්නේද අයෝ චන්ද්‍ර පෘෂ්ඨයයි.
එහි සක‍්‍රිය ගිනිකඳු 400ක් පමණ ඇතැයි සැලකේ.  චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කිලෝමීටර 500ක් පමණ ඉහළට එම පිපිරීම්වල දුම් වළාවන් විහිද යන බව පැවසේ.
නාසා විද්‍යාඥයන් පවසන්නේ වීඩියෝගත කරන ලද විදාරණය මගින් නිකුත් කළ දුම් වළාවේ උස කිලෝමීටර 300ක් පමණවූ බවයි.  බ
‍්‍රහස්පති ග‍්‍රහයා සහ අනෙක් චන්ද්‍රයන්ගේ ගුරුත්වාකර්ෂණයන් වල කඹ ඇදීමට හසුවීම අයෝගේ ගිනිකඳු ක‍්‍රියාකාරීත්වය ඉහළ යාමට හේතුව බව විශ්වාස කෙරේ.
එම ගුරුත්වයන් වල බලපෑම නිසා එහි කක්ෂය අක‍්‍රමවත් වන අතර මේ හේතුවෙන් චන්ද්‍ර අභ්‍යන්තරයේ දැඩි ඝර්ෂණයක් සහ තාපයක් උපදවන බව විද්‍යාඥ මතයයි.
සැතපුම් 2263ක විෂ්කම්භයකින් යුක්ත වන අයෝ චන්ද්‍රයා පෘථිවි චන්ද්‍රයාට වඩා මදක් විශාල වේ.