Translate

Translate

Showing posts with label එ. ජා. මැදිහත්වීමක්‌ යටතේ උතුරේ ප්‍රශ්න විසඳීම රජය ප්‍රතික්‍ෂේප කරයි. Show all posts
Showing posts with label එ. ජා. මැදිහත්වීමක්‌ යටතේ උතුරේ ප්‍රශ්න විසඳීම රජය ප්‍රතික්‍ෂේප කරයි. Show all posts

Friday, February 14, 2014

එ. ජා. මැදිහත්වීමක්‌ යටතේ උතුරේ ප්‍රශ්න විසඳීම රජය ප්‍රතික්‍ෂේප කරයි
කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමක්‌ යටතේ උතුරේ පළාත් සභාව සහ රජය අතර අර්බුද විසඳීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමක්‌ මත උතුරු පළාත් සභාවට බලතල ලබාදීමට ක්‍රියාකාරන ලෙස මහ ඇමැති විග්නේශ්වරන් මහතා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ගයියෑන්ග්සු වෙතින් ඉල්ලා තිබේ.

මහ ඇමැතිවරයාගේ මේ ඉල්ලීම එක්‌සත් ජාතීන්ගේ ආර්. 2 ජී. නමැති රාජ්‍යයක කටයුතුවලට මැදිහත්වීමේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට යොමු කිරීමේ උගුලක්‌ බව රජයට අවබෝධවී ඇත.

ශ්‍රී ලංකාවේ කටයුතුවලට කිසිදු තෙවැනි පාර්ශ්වයක්‌ මැදිහත් කරගන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (13 දා) පැවසීය.

මෙයට පෙර ආර් 2 පී ක්‍රමවේදය මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප්‍රධානී රාමා මැකීව රටින් පිටුවහල් කර ඇත.