Translate

Translate

Showing posts with label බවුසරයකින් විෂ හලයි.. අත්තනගලූ ඔයේ මාළු දහස් ගණනින් මිය යති. Show all posts
Showing posts with label බවුසරයකින් විෂ හලයි.. අත්තනගලූ ඔයේ මාළු දහස් ගණනින් මිය යති. Show all posts

Friday, April 4, 2014

බවුසරයකින් විෂ හලයි.. අත්තනගලූ ඔයේ මාළු දහස් ගණනින් මිය යති

ගම්පහ ප‍්‍රදේශයේ දී විෂ රසායනිකයක් එකතු වීම නිසා අත්තනගලූ ඔයේගම්පහ උද්භිද උද්‍යානය අසළ ප‍්‍රදේශයේ මාළුන් දහස් ගණනක් හා ජලජ ජීවීන් රැසක් මැරී තිබිණ.
දිය මත පාවෙමින් සිටි මියගිය මාළුන් විශාල ගණනක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා විවිධ පුද්ගලයන්ට අලෙවි කරනු දක්නට ලැබිණි. මිය ගිය මත්ස්‍යයන් අතර අඩි 4 – 5 දිග විශාල මාළුන් රැසක් වූහ.
ඔයේ ජලය තද කළු පැහැයක් දක්නට ලැබුණු අතර ප‍්‍රදේශවාසීන් පවසන්නේ විෂ සහිත රසායනිකයක් බවුසර් මගින් ගෙනැවිත් අත්තනගලූ ඔයට මුදා හැරීම නිසා මෙම විනාශය සිදුව ඇති බවය