Translate

Translate

Showing posts with label සිරිපා කරුණා නිමවේ. Show all posts
Showing posts with label සිරිපා කරුණා නිමවේ. Show all posts

Thursday, May 15, 2014

සිරිපා කරුණා නිමවේ

සිරිපා කරුණා නිමවේ
ස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

පුරා මාස 06 ක කාලයක්‌ තිස්‌සේ පැවැති (2013/2014) ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ (15 දා) පෙරවරුවෙන් අවසන් විය.

මෙවර ශ්‍රී පාද සමාප්ති උළෙලට සමගාමීව ඉකුත් වසරේදී මෙන්ම ශ්‍රී පාදස්‌ථානාධිපති, ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති හා සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා හා පූර්ණ අනුග්‍රහය මත නල්ලතන්නියේදී මහා බත් දන්සලක්‌ සමඟ සමාජ සත්කාරක සේවාවන් රැසක්‌ ඊයේ පෙරවරුවේදී සිදු කෙරිණි.

වෙසක්‌ පුන්පෝය දින (14 දා) හා පසු දින (15 දා) ශ්‍රීපාද වන්දනාවේ පැමිණි අති විශාල වන්දනාකරුවන් හා ප්‍රදේශවාසීන් සඳහා බත් දන්සලක්‌ හා ප්‍රදේශයේ විහාරස්‌ථාන, හින්දු කෝවිල්වලට පිත්තල පහන්, මුතුකුඩ බෙදාදීම මෙහිදී සිදු කෙරිණි.

ප්‍රදේශයේ දහම් පාසල් සිසුන් ඇතුළු පාසල් සිසුන් 1500 කට අධික පිරිසක්‌ සඳහා පාසල් උපකරණ පොත්පත් හා දිළිඳු පවුල් 500 කට වියළි ආහාර බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්‌ථාවට ශ්‍රී පාදස්‌ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමි, නල්ලතන්නිය කල්පවෘක්‍ෂ විහාරාධිපති දෙහිපේ නන්ද හිමි, අඹගමුව ප්‍රාදේශීය ලේකම් එච්. එම්. සී. හේරත්, සහකාර ලේකම් ධනපාල, අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිනේෂ් වෙල්ලයන්, නල්ලතන්නිය පොලිස්‌ ස්‌ථානාධිපති අනිල් ප්‍රසන්න ජයසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.