Translate

Translate

Showing posts with label රටේ මීළඟ ජනාධිපති විය යුත්තේ නාමල් රාජපක්‍ෂ – හිරුණිකා. Show all posts
Showing posts with label රටේ මීළඟ ජනාධිපති විය යුත්තේ නාමල් රාජපක්‍ෂ – හිරුණිකා. Show all posts

Tuesday, March 11, 2014

රටේ මීළඟ ජනාධිපති විය යුත්තේ නාමල් රාජපක්‍ෂ – හිරුණිකා



ශ‍්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා විය යුත්තේ අනිවාර්යෙන්ම නාමල් රාජපක්‍ෂ යයි සන්ධානයේ බස්නාහිර පළාත් සභාවට තරඟ වදින අපේක්‍ෂිකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.
සති අන්ත පුවත් පතක් හා අදහස් දකවමින් ඇය පවසා ඇත්තේ තම ආන්ඩුවේ අකමැතිම පුද්ගලයා තම පියා ඝාතනය කල දුමින්ද සිල්වා බවයි.
ජනාධිපතිතුමන්, මෛත‍්‍රීපාල අන්කල්, රාජිත අන්කල්, ෆීලික්ස් අන්කල්, කුමාර වෙල්ගම අන්කල්ට තමන් ආණ්ඩු පක්‍ෂයේ කැමතිම අය බවද පවසන ඇය රෝසි සේනානායක සහ හරීන් ප‍්‍රනාන්දුට විපක්‍ෂ අය අතරින් ප‍්‍රිය කරන බවද කියා සිටී.
කෙසේ වෙතත් විපක්‍ෂයේ සිටින අකමැති අයට වඩා ආණ්ඩු පක්‍ෂයේ සිටින අකමැති අය ගණන වැඩි වුවද ඔවුන්ගේ නම් හෙළි කල යුතු නැතැයිද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.