කීර්ති වර්ණකුලසූරිය සහ අකිත පෙරේරා
වයිකෝ ඇතුළු කොටි හිතවාදී ආධාරකරුවන් නවදිල්ලියේ පැවැත්වූ මෙම විරෝධතාව නිසා පොලිසිය හා විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති වී තිබේ.
තමා අත්අඩංගුවට ගැනීම ගැන බයක් නැතැයි වයිකෝ ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද්‍රවිඩ ජනතාව ඝාතනය කරන බවට වයිකෝ මෙම විරෝධතාවේදී චෝදනා නගා තිබේ.
මේ අතර තමිල්නාඩුවේ ටී නගර්හි භාරත ජනතා පක්‍ෂ මූලස්‌ථානය වට කළ කොටි හිතවාදී සිසුන් පිරිසක් අතරින් හතළිස් දෙනකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දිවුරුම් දීමේ උත්සවයට ඇරයුම් කිරීමට විරෝධය දක්‌වමින් මෙකී කොටි හිතවාදීන් භාරතීය ජනතා පක්‍ෂ මූලස්‌ථානය වෙත පැමිණ තිබේ.
මෙම කොටි හිතවාදී සිසුන් ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචද්‍රන්ගේ නමින් ශිෂ්‍ය සංවිධානයක්‌ද පිහිටුවා ගෙන ඇත.
තමිල්නාඩු භාරතීය ජනතා පක්‍ෂ මූලස්‌ථානය වටකළ කොටි හිතවාදී සිසුන් නෝර්වේහි තෙදියවන් කණ්‌ඩායමට අයත් බවත් මෙම වැටලීම මෙහෙයවා ඇත්තේ තෙදියවන්ගේ උපදෙස් මත බවත් වාර්තා වී තිබේ.
No comments:
Post a Comment