Translate

Translate

Showing posts with label අධිකරණ නියෝගයට පයින් ගසා අන්තරේ කොළඹ විරෝධතා. Show all posts
Showing posts with label අධිකරණ නියෝගයට පයින් ගසා අන්තරේ කොළඹ විරෝධතා. Show all posts

Wednesday, May 7, 2014

අධිකරණ නියෝගයට පයින් ගසා අන්තරේ කොළඹ විරෝධතා

අධිකරණ නියෝගයට පයින් ගසා අන්තරේ කොළඹ විරෝධතාඅන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් ගාලූ පාරේ කොල්ලූපිටිය ආශ‍්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට එරෙහිව සිසුන් විසින් පවත්වන මෙම විරෝධතාවය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටින් ආරම්බ විය.
විරෝධතාවය හේතුවෙන් ගාලූ පාරේ කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබේ.
සිසුන් මෙසේ විරෝධතා පවත්වන්නේ අධිකරණය විසින් ඊයේ දිනයේ නිකුත් කරන ලද අද දිනයේ පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කල නියෝගය ද නොතකමිනි.