Translate

Translate

Showing posts with label හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට ග න් න වා ද ?. Show all posts
Showing posts with label හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට ග න් න වා ද ?. Show all posts

Monday, April 21, 2014

හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට ග න් න වා ද ?

හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට  ග න් න වා ද ?
දිවයින විමසයි
'නෑ.. නෑ.. නීතිය  ක්‍රියාත්මක කරනවා'

- පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක

අජිත් අලහකෝන්

මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමට ගිය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පහර දුන්නේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා හම්බන්තොට නගරාධිපති එරාඡ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (20 දා) "දිවයින" ට කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේදැයි අප පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට "නෑ... නෑ.... පරීක්‍ෂණ අවසන් වූ පසුව ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යෑයි අජිත් රෝහණ මහතා කීවේය.

මේ සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලදී නගරාධිපතිවරයාට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් වෙනවා නම් ඔහු අත්අඩංගුවට ගන්නේදැයි අප යළිත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.

"පරීක්‍ෂණවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා" යෑයි ඔහු නැවතත් ප්‍රකාශ කළේය.

එමෙන්ම හම්බන්තොටදී එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල වෙද්දී එම ස්‌ථානයේ රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්‌දැයි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.

"ඒ සම්බන්ධයෙන් තවම පරීක්‍ෂණ සිදුකරනවා... අජිත් මාන්නප්පෙරුම, ආර්. යෝගරාජන් සහ නලින් බණ්‌ඩාර යන මන්ත්‍රීවරුන්ගේ කටඋත්තර මේ වන විට සටහන් කරගෙන තිබෙනවා යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා කීවේය.