Translate

Translate

Showing posts with label එංගලන්ත මන්ත‍්‍රීන් පස් දෙනෙක් මුරලිට පොලූ තබයි. Show all posts
Showing posts with label එංගලන්ත මන්ත‍්‍රීන් පස් දෙනෙක් මුරලිට පොලූ තබයි. Show all posts

Monday, April 21, 2014

එංගලන්ත මන්ත‍්‍රීන් පස් දෙනෙක් මුරලිට පොලූ තබයි

ලෝක පූජිත හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ‘Foundation of Goodness’ නම් පුණ්‍ය ආයතනය හරහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු වෙනුවෙන් සංවිධානය කළ ශ‍්‍රී ලංකා සංචාරයක් හදිසියේ අවලංගු කර තිබේ.
මෙලෙස අදාළ සංචාරය අවලංගු කර ඇත්තේ බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ ප‍්‍රබල ඉදිරිපෙළ මන්ත‍්‍රීවරයෙකුගේ විරෝධතාව මතයි.
මුත්තයියා මුරලිදරන් මහතාගේ අදාළ පදනම මගින් මෙම මන්ත‍්‍රීවරුන් පස් දෙනාට මෙරටට පැමිණීම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප‍්‍රවේශපත් වෙන් කිරීම ඇතුළු සියලූ වියදම් දරා ඇති අතර එම පිරිස උතුරේ සංචාරයක යෙදිමට මෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් මුණ ගැසීමටද සැලසුම් කර තිබිණි.