Translate

Translate

Showing posts with label හොංකොංට ඇඟිලි නොගසනු – ඇමරිකාවට චීනයෙන් රතු එළියක්. Show all posts
Showing posts with label හොංකොංට ඇඟිලි නොගසනු – ඇමරිකාවට චීනයෙන් රතු එළියක්. Show all posts

Wednesday, April 9, 2014

හොංකොංට ඇඟිලි නොගසනු – ඇමරිකාවට චීනයෙන් රතු එළියක්

හොංකොංහි අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසන ලෙස චීනය විසින් ඇමරිකාවට අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ.
චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රකාශකයකු අවධාරණය කර ඇත්තේ වොෂින්ටනය හොංකොං පිළිබඳ සිදුවීම් වලදී විචාරාත්මක ලෙස හැසිරිය යුතු බවයි.  නොඑසේනම් චීන ඇමරිකානු සබඳතා පළුදු විය හැකි බවද ඔහු පවසා තිබේ.
පසුගියදා හොංකොංහි විපක්ෂය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන මාටින් ලී සහ හොංකොං නගර රජයේ හිටපු දෙවන ප‍්‍රධානි ඇන්සන් චෑන් ධවල මන්දිරයේදී ජෝ බයිඩන් විසින් හමුවීමෙන් පසු චීනය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇතැයි පැවසේ.
එම හමුවෙන් පසු ධවල මන්දිරයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වා ඇත්තේ හොංකොංහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත ඇමරිකානු රජයේ සහයෝගය හිමිවන බව මෙහිදී බයිඩන් විසින් අවධාරණය කළ බවයි.
හොංකොං දිවයින සුවිශේෂී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කාලසීමාවක් පසුකරමින් සිටින අතරතුරදී කිසිවෙකු එ් වෙත මැදිහත්වීමට චීන රජය විරුද්ධ වන බවද චීන විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශකවරයා විසින් පවසා ඇතැයි වාර්තා වේ.
හොංකොං වැසියන් විශේෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ නිදහසක් භුක්ති විඳින බවත් එය ජාත්‍යන්තර ප‍්‍රසාදයට පාත‍්‍රව ඇති බවත් ඔහුගේ අදහසයි.
බි‍්‍රතාන්‍ය කොලනියක් වශයෙන් පැවති මෙම වෙළඳ මධ්‍යස්ථානය 1997දී චීනය වෙත භාරදෙනු ලදුව මේ වන විට චීන සමූහාණ්ඩුවේ විශේෂ පරිපාලන ප‍්‍රදේශයක් ලෙස ක‍්‍රියාත්මක වේ.