Translate

Translate

Showing posts with label පායන කාලෙට වහින්නේත්.. වහින කාලෙට පායන්නේත් අධි පොහොර භාවිතය නිසා. Show all posts
Showing posts with label පායන කාලෙට වහින්නේත්.. වහින කාලෙට පායන්නේත් අධි පොහොර භාවිතය නිසා. Show all posts

Wednesday, April 9, 2014

පායන කාලෙට වහින්නේත්.. වහින කාලෙට පායන්නේත් අධි පොහොර භාවිතය නිසා


අධිපොහොර භාවිතය නිසා මෙරට වායුගෝලයේ වෙනස්කම් සිදුව ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු විද්‍යාඥ ඞී.එන් සිරිසේන මහතා පවසයි
මාතලේ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවේදී
සිරිසේන මහතා මෙසේද පැවසීය.
‘වැසි ලැබිය යුතු නියමිත කාලයට වැසි නොලැබෙන්නේ නියඟය පැවතිය යුතු කාලයට වහින්නේත් මේ නිසා. ගොවීන් යොදන නයිට‍්‍රජන් පොහොර 70%ක ප‍්‍රමාණයකුත් අනෙකුත් පොහොර වර්ගත් ඊට සාපේක්ෂව අපතේ යනවා. අඩුවෙන් පොහොර යෙදුවොත් අස්වැන්නේ අඩුවක් වන්නේ නැහැ.
දේශපාලඥයින් වෙනදා ඡන්ද රැස්වීම් වල සහල්,පාන්පිටි ගැන කතා කළත්,පොරොන්දු දුන්නත් අද පොහොර ගැන කතා කරන තත්ත්වයට මෙය වෙනස් වී තිබෙනවා’