- ස්වාමීන් වහන්ස,අපි පසුගිය සතියේ සාකච්ඡාව ඉවර කළේ මිනිස්සුන්ටලොකු ප‍්‍රශ්නයක් තිබුණා, ඒ වගේමව මිනිස්සුබලාපොරොත්තු වුණා රහතන්වහන්සේ කෙනෙක් කිව්වාම ප‍්‍රාතිහාර්යපාන්න ඕනෙ කියලා. එතකොට ඔබ වහන්සේගෙන් මම ඇහුවේ ඇයි ඔබවහන්සේ මිනිස්සුන්ගේ පුහුදුන් මනුස්සයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නෙ නැත්තෙ ඇයි කියලා?ඔබ වහන්සේ එදා ප‍්‍රසිද්ධියේ සිංහ ගර්ජනා කළාමං ප‍්‍රාතිහාර්ය පාන්න සූදානම් කියලා. දැන් මිනිස්සු සූදානම් ඔබ වහන්සේගේ ප‍්‍රාතිහාර්යබලන්න. විශේෂයෙන් ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ තරම් අනුශාසනා ප‍්‍රාතිහාර්ය පාන්න මේතුන් ලෝකෙම මේ වෙනකොට සමතෙක් නෑ කියලා. ස්වාමීන් වහන්ස, කොහොමද අපි ආරම්භයක් ගන්නේ මේ අනුශාසනා ප‍්‍රාතිහාර්යයට ඔබවහන්සෙත් එක්ක?
අනුශාසනා ප‍්‍රාතිහාර්යකියලා කියන්නෙ මිනිසුන්ගේ දුක නිවන මාර්ගය. මේ ලෝකේ දුවන්නේ දුක උඩ. දුක්ඛෝ ලෝකේ පටිච්ඡාතෝඋදාහරණයක් විදිහට කෝච්චියක් ගත්තාම කෝච්චිය යන්නෙ රේල් පීලි දෙකක් උඩනේ. ඒ වගේ මේ මනුස්සලෝකෙත් දුක උඩ තමයි ගමන් කරන්නෙ. ඒ මනුස්ස ලෝකේ දුක උඩ යන නිසා මිනිස්සු හැම තිස්සෙමඅසහනයට පත් වෙලා. මානසික වශයෙන් අවපීඩනයකට පත් වෙලා. ආතතියකට පත් වෙලා. අපිට බැරිදමේ මිනිස්සුන්ගේ මානසික අවපීඩනය, ආතතිය පශ්චාත්තාප වීම, ඇඞීම, වැළපීම මේ සියල්ලෙන් මිනිස්සුන්ව ගලවගන්න. මිනිස්සුනිදහස් කරන්න. මිනිස්සුන්ගේ හිත නිදහස් කරන්න. මුහුණ නිදහස් කරන්න. අපි පාරේ යන කොටපාර අයිනේ වාහනය නවත්තගෙන විනාඩි 10ක් විතර කහ ඉර පනින මිනිස්සු දිහා බලා ගෙන ඉන්න. මොන තරම් ප‍්‍රශ්න ගොඩක් එක්කදමේ මිනිස්සු දුවන්නෙ කියලා. මං අහන්නෙ මේ ප‍්‍රශ්න නැතිව යන්න බැරිද? ඔබ යනවා බස් හෝල්ඞ් එකකට. එතැන්ට ගිහිල්ලා ඔබබස් එකක් එනකම් ඉන්නවා. ඔබ බස් එක එනකම් බලාගෙන ඉන්නෙ බස් එක එන දිහාව නේද?බස් එක දිහාව බලන් හිටියා කියලා බස් එක ඉක්මනටඑනවද? නෑනේ. මම කියන්නෙ බස් නිදහසේඑන්න කියලා. ආවම නැගලා යන්න කියලා. ඒ වුණාට මිනිස්සුන්ට එච්චර නිදහසේ හිතන්න බැරි වෙලාතියෙනවා. අන්න ඒ නිදහසේ හිතලා ජීවිතේ දුක නැති කරගෙන. ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්මාර්ගයක් තමයි මම නිවන් මඟ කියලා කියන්නෙ. ඒක තුළ පුදුමාකාර සැනසිල්ලක් තියෙන්නෙ.
- ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ දේශනා කරන නිවන් මඟ බුදුරජාණන් වහන්සේදේශනා කළ නිවන් මඟද?
පැහැදිලිවම. ලෝකේනිවන් මඟවල් දෙකක් තියෙන්න බෑ. මධ්‍යම ප‍්‍රතිපදා දෙකක් තියෙන්න බෑ. සංයුක්ත නිකායේපළමු වැනි සූත‍්‍රය තමයි ඕගසරණ සූත‍්‍රය. ඕගසරණ සූත‍්‍රයේදී එක දෙවියෙක් බුදුරජාණන්වහන්සේගෙන්ඇවිල්ලා හමුවෙලා අහනවා ‘මහ මුණිවරයාණන්වහන්ස, ඔබ වහන්සේ කියනවා මේ සංසාරයෝගය තරණය කළා කියලා. මේක තරණය කළේ කොහොමද?’ එතකොට උන්වහන්සේ උත්තර දෙනවා ‘මං මහන්සි වුණේ නෑ. මං වෙහෙස වුණේ නෑ. මේ යෝගය පීනන්න,මේ ගඟ තරණය කරන්න මහන්සි වුණෙත් නෑ. පීනුවෙත්නෑ. මම නිකං හිටියෙත් නෑ’ එතකොට ඒ දෙවියා අහනවා ‘හරි අමුතු කතාවක්නෙ ඔබ වහන්සේ කියන්නෙ. ඔබ වහන්සේකියනවා පීනුවෙත් නැතිලූ, නිකං හිටියෙත්නැතිලූ’ එතකොට කියනවා ‘මං පීනන්න ගියා නම් උඩ පාවෙනවා. මම නිකං හිටියා නම් ගිලිහෙනවා.නිකං ඉන්නෙත් නැතුව, පීනන්නෙත් නැතුවමම මේ යෝගය තරණය කළා’ අන්න ඒ ක‍්‍රමය තමයි මම දන්නෙ. අන්න ඒ රහස තමයිමම දන්නෙ. හැබැයි ඒ රහසේ මනුස්සයකුට සාමාන්‍යගිහියෙකුට ගෝචර වෙන සීමාවනේ අද මෙ කතා කරන්නෙ. පැවිද්දකුට කියන බණයි ගිහියෙකුට කියනබණයි දෙකක්නෙ. හංසයොයි මොනරුයි තරගෙට දැම්මාම කවදාවත් මොනරු දිනන්නෑනේ. දිනන්නේ හංසයෝමිසක්. ඒ වගේ මේ කියන මාර්ගයට පැවිද්දොයි,ගිහියොයි එකතු කරලා යන්න ගියාම ගිහියෝ ඉක්මනටනිවනට යන්නෑනේ. එගොල්ලෝ හෙමින් යන්නෙ. එගොල්ලොන්ට හෙමින් මඟක් තියෙනවා. මේ කාට හරිඒ මඟ හරියටම කෙටියන් අහගන්න ඕනෙ නම් මං ළඟටඑන්න සියල්ල අත හැරලා. ඇවිල්ලා සසුන් ගත වෙන්න මෙතැන ඉන්න අනිත් අය වගේ. එගොල්ලන්ටඑතකොට ඉක්මනට මාර්ගය කියනවා.
අපි මෙතැනදී සාකච්ඡ කරන්නෙ සාමාන්‍ය ගිහි ජීවිතයත් ගත කරගෙන ඔය ධම්මදින්න සූත‍්‍රයේ තියෙන්නෙ. ‘ධම්මදින්න කියලා උපාසකයෙක් හිටියා. ඒ උපාසකයාදවසක් ගෞතම බුදුරජාණන්වහන්සේව හමුවෙලා උන්වහන්සේ කිව්වා මේ ඔබ වහන්සේ දන්න තුන්න තාපසසංයුක්ත දහම් අපට කියන්න. නිවන් අවබෝධ කර ගන්න. එතකොට ඒ දහම කියන කොට කිව්වා,ඒ දහම ගැඹුරුයි. අපිට අඹු දරුවෝ ඉන්නවා. අපිසුදු වස්ත‍්‍ර අඳිනවා. අපි රන්, රිදී, මුතු අපි ගිහි ජීවිත ගත කරනවා. අපිට ගිහි ජීවිතයගත කරන්න දහමක් කියන්න. එතකොට කිව්වා අපි පන්සිල් ගන්නවා. පන්සිල්වලින් ඔබ්බට යමක්කියන්න. එතකොට තමයි කිව්වේ සෝතාපන්න වෙන මාර්ගය. දැන් මේ අපි සාකච්ඡුා කරන දහම් මෙඟ්දී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡුා කරන්නෙ ගිහියෙකුට යහපතක්වෙන දහමක්.
- ස්වාමීන් වහන්ස,දැන් අපි ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය හා මධ්‍යමප‍්‍රතිපදාව ගත්තාම විවිධ අර්ථකථන තියෙනවා. ඔබ වහන්සේ අවබෝධ කර ගත්ත මධ්‍යම ප‍්‍රතිපදාවහා ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද?
ආර්ය අෂ්ඨාංගිකමාර්ගයට විවිධ අය විවිධ අර්ථකථන දෙනවා. මම කියන්නෙ මොන අර්ථකථනය දුන්නත් අන්තිමට ඒමඟ නිවනින් ඉවර වෙන්න ඕනෙ. මම කියන එක පැහැදිලියිනෙ.නිවනින් ඉවර වෙන්න ඕනෙ. සදාතනික ශාන්තියකින්අවසන් වෙන්න ඕන. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග8ක් තියෙනවා. එයා රහත් බවදක්වා වඩින කොට තව මාර්ග අංග දෙකක් වඩිනවා සම්මා විමුක්ති හා සම්මා ඥාන කියලා. අපිඑච්චර ගැඹුරට මේ සාකච්ඡුාව ගෙනියන්න ඕනෙ නෑ.මොකද මේක සාමාන්‍ය අය කියවන්නෙ. යම් දවසක ඉඩ ලැබුණොත් අපි එදාට ඒ ගැන කතා කරමු. ඒ ආර්යඅෂ්ටාංගික මාර්ගය පුළුල්ව සාකච්ඡුා කරමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය සාකච්ඡුා කරන්න කලින්අනිත් මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරමු.
මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද? මිනිසුන්ට කිසිමනිදහසක් නෑ. මේ මිනිස්සුන්ට නිදහස දෙන්නෙ කොහොමද? මිනිස්සුන්ට ඥානය ඇතුළු කරන්නෙ කොහොමද? සම්ප‍්‍රදායෙන් ආතුර වෙච්ච මිනිස්සු. ජීවිතේඑක එක දේවල්වලට හිර වෙලා ජීවිතේ එක එක්කෙනාට උකස් තියලා බේර ගන්න බැරුව දඟලන මිනිසුන්ගේතමන්ගේ ජීවිතය උකස් තියපු එකේ උකස බේරගන්නෙ කොහොමද? ඒක තමයි නිවන් මෙඟ් ආරම්භ කිරීම. ඒක හරි ප‍්‍රායෝගික මාර්ගයක්.අපි ඒකට කියන්නෙ විපස්සනා මාර්ගය කියලා. විපස්සනා මාර්ගය කියන්නෙ සතිපට්ඨාන සූත‍්‍රයඇසුරු කරගෙනනේ මේ නිවන් මඟ තියෙන්නෙ. ඕනම කෙනෙක්නිවන් දැක්කොත් නිවන් දකින්න වෙන ක‍්‍රමය තමයි සතිපට්ඨානය වඩන්න ඕනෙ. සතිපට්ඨානය කියන්නෙ නිවන් මඟමයි. වෙන එකක්නෙමෙයි. කවුරු හරි කෙනෙක සතිපට්ඨානය නිරතුරුව හරියට වැඩුවොත් එයා අවබෝධයට පත් වෙනවා.අපි මෙතැන මුලින්ම කතා කරන්න ඕනෙ ආර්ය අෂ්ටාංගිකමාර්ගය ගැන කතා කරන්න කලින් මිනිසුන්ගේ දුක ඇති වෙන විදිහ හා මිනිස්සු දුක සකස් කරගන්න විදිහ, මිනිසුන්ගේ නූගත්කමනිසා වැටෙන විදිහ හා එයින් ගැලවෙන්න බැරුව පීඩාවට පත්වෙන විදිහ.
- මූලික වශයෙන් බලාපොරොත්තුවෙන්නෙ ඔබ වහන්සේ කොහොමද විමුක්ති මාර්ගයට ගියෙ? ඔබ වහන්සේට කොහොමද දුක දැනුණෙ?
දුක ගොඩක් දැනුණා.ජීවිතේ හුඟක් දේවල් පිළිබඳ කල්පනා කළා ගැඹුරටම. එතකොට පෙනුනා සමහර දේවල්වල අඩුවක් තිබෙනබව. සමහර හිතපු දේවල් ඒ විදිහට සිද්ධ වුණේ නෑ. ඒ සිද්ධ වුණේ නැති වුණාම හිතුණා එක්කොමේවා සිද්ධ වෙන්නෙ නැත්තෙ මං හිතන එකේ අඩුවක් තියෙන නිසා කියලයි. එක්කෝ මම හිතන එකේඅඩුවක් තියෙනවා. එහෙම නැත්නම් මේ සිද්ධ වෙන එකේ අඩුවක් තියෙනවා. මං විදියට කල්පනා කරන්නපටන් ගත්තා. එහෙම කල්පනා කරන්න පටන් ගත්තාම මට තේරුනා සොබාදහමේ කිසිම අඩුවක් නැහැ. අඩුව තියෙන්නෙ මං ළඟ. මා මාපිළිබඳ ඇති අධි තක්සේරුවක්. මම හිතපු දේවල්, මං කල්පනා කරපු දේවල් මං ප‍්‍රාර්ථනා කරපු දේවල් ඉෂ්ට වෙන්න ඕනෙ කියලා මම හදාගත්ත මානසික චිත‍්‍ර සමූහයක් මටවිඩාවක් ගෙන ආවා. එතකොට තමයි මං කල්පනා කරන්නෙ කොහොමද මං මේකෙන් ගැලවෙන්නෙ කියලා.
දැන් මනුස්සයෙකුටසියලූ ප‍්‍රශ්න තියෙන්නෙ හිතන නිසානෙ. දැන්බලන්න පුංචි ළමයෙක් දිහා. පුංචි ළමයා කොයි තරම් නිදහසින්ද ඉන්නෙ. මම කල්පනා කළා පොඩිළමයෙක් වගේ වෙන්න බැරිද අපිට. නිදහසේ ඉන්න බැරිද. සාපේක්ෂ රාමු ගලවන්න බැරිද. එතකොටමම කොයි තරම් නිදහසකට පත් වෙනවනවද? කුඩා ළදරුවෙක්. මාසෙක එක හමාරක දරුවෙක් අතට වඩාගෙන ඒ ළමයට කුණුහරුප කියලා බැන්නොත්ඒකට දෙන ප‍්‍රතිචාරය මොකක්ද? හිනාවෙනවා. ඒ ළමයටආදරය කළොත් ඒත් හිනාවෙනවා. මං කල්පනා කළා ඕවාගැන. මට අලූතෙන් හිතෙන්න පටන් ගත්තා. අර්නස්ට් ටේකල් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඔහුවිද්‍යාත්මක නියමයක් ඉදිරිපත් කළා. ඔන්ටොජෙනික් බි‍්‍රකෑසිව් ලේට් ෆ්ලයිවෝජෙනි ඒකෙන්කිව්වේ වංස ප‍්‍රවෘත්තිය ව්‍යක්ත ප‍්‍රවෘත්තිය සිහි කරයි. ඔහු කිව්වේ මේකයි. ඒ කාලේඑක්දහස් අටසිය ගණන්වල පරිණාම වාදය ගන්න…………………….. කරුණු හුඟක් ගවේෂණයවෙච්ච කාලෙනේ. ඔහු ඉදිරිපත් කළා මතයක්. ඒ මතය ඔහු කිව්වේ මානවයාගේ අවශ්‍යතා නිරීක්ෂණයකළෝතින් කළලයේ ඒක ශෛලික අවස්ථාවේ ඉඳන් කකුල් දෙකෙන් ඇවිද ගෙන සුල්බුල් මානවයා දක්වාමානව පරිණාම පෙන්නන් පුළුවන්.
මේ ටික හොඳට බලාගෙනහිටියාම ඒක ශෛලික වෙනවා. ඊට පස්සෙ වල්ගයක් ඇති මානවයෙක් හැදෙනවා. වල්ගය හීන වෙනවා.ඔහොම ඔහොම ගිහිල්ලා ඔය අවස්ථාවන් පහුවෙලා මවු කුසෙන් එළියට ඇවිල්ලා බඩ ගානවා. දණ ගානවා.ඇවිදිනවා. ඔහොම ඔහොම වෙලා අවුරුදු කිහිපයක් ගිහිල්ලා සුල්බුල් මානවයෙක් වෙනවා. මෙයාකිව්වා මේක තුළ තියෙනවා කියලා මානව පරිණාම වාදය. නමුත් විද්‍යාඥයා පිළිගත්තෙ නෑ. හැබැයිමම කියන්නෙ මිනිහෙක් හිත ඔය විදියට පරිණාමනය කළොත් අන්න ඒක තමයි පටිසෝතගාමී ආර්ය මාර්ගය.
සිද්ධාර්ථ ගෞතමයාණන්වහන්සේහොයා ගත්තෙත් ඕක. නේරංජනා නදී තෙරට ගියානේ කිරිපිඬු වළඳලා. වළඳලාගිහිල්ලා රන් තලිය අරගෙන දැම්මනේ නදියට. රන්තලිය උඩුගම් බලා යන්න. රන්තලිය උඩුගම් බලාගියා, ඊට වඩා උඩුගම් බලා ගියාචින්තනය. දැන් මං කියන තේරෙනවද. මං අහන්නෙ මේ දෙක දැන් එක වගේ නේද කියලා. චින්තනය උඩුගම්බලා ගියා. දැන් හැම පැත්තකටම හිතන්න පටන් ගත්තා. දැන් හැමදාම ගඟ ගලන්නේ මේ පැත්තට.දැන් බැරිද ඒක මේ පැත්තට ගලන්න. මිනිස්සුන්ගේ දුක පවතින්නේ සාම්ප‍්‍රදායික චින්තනයතුළ. දැන් මේ සාම්ප‍්‍රදායික චින්තනය අනිත් පැත්ත හැරෙව්වොත් කෝ දුක. ඒක තුළ තියෙන්නෙගැලවීමක්. ප‍්‍රාථමික සහනයක් කුඩා ළදරුවෙක්වගේ. රහතෙක් කියන්නෙ කුඩා ළමයෙක් වගේ කෙනෙක්. දැන් ඉතින් ආයේ වාදකාරයෝ, තම්මැට්ටම්කාරයෝ, බෙර දවුල්කාරයෝ කියයි ඔය කියන එක වැරැදියි කියලා. රහතෙක්කියන්නෙ සාපේක්ෂ වශයෙන් අපි මේ කතා කරන්නෙ. අවබෝධ නිරපේක්ෂ බව හැබෑය. අපි මේ සාපේක්ෂලෝකය තුළ කරුණු කාරණා ගෙන හැර දක්වන්නේ. රහතෙක් බලන්න ඕනෙ නම් මනුස්ස ලෝකයේදී. නැති වෙච්ච කාලෙක රහතෙක්බලන්න ළමයෙක් දිහා. ඉතාම ආසන්නයි උන්වහන්සේලා. ඒකෙන් කියන්නෙ ළමයා රහත් කියන එකද. නෑ..ඔන්න ආයි වරද්ද ගත්තා. මිනිස්සු බලන්නෙ හැමතිස්සෙම ගහන තැනක්නෙ. ගහන්න තැනක් බලලා ඉවරවෙලා ගහන්නෙ වැඩක් නැති තැනට. ඕකෙන්නේ අවුල්කර ගන්නෙ අපි. ඒ හින්දා හොඳට මතක තියා ගන්න ඕනෙ මම කරන දේශනාවේ අඩුවක් පාඩුවක් බලනවා නම් ඒකට සුදුසුකම් තියෙන මිනිස්සුවෙන්න ඕන. මාළුකාරයෝ මගෙන් ඇවිල්ලා මාළු ගන්නවිදිහ අහලා වැඩක් නෑනේ. බිලී පිත්තක ඇණේ ගහන්නෙ කොහොමද? ඇණේ කොච්චර යටින් දානවද? මට ඒවා තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ රෙදි අපුල්ලන අම්මන්ඩිලා මගෙන්අහලා වැඩක් නෑ රෙදි අපුල්ලන විදිහ. බෙර ගහන උන් මගෙන් පද අහලා වැඩක් නෑනේ. බෙර ගහනඑකෙක් හොයාගෙන පදේ අහගන්න ඕනෙ. මම නිවනක් ගැනකියන කෙනෙක්. මම මිනිස්සුන්ට විමුක්තිය ගැන කියන කෙනෙක්. මගෙන් විමුක්තිය අහන්න.
ගෞතම බුදුරජාණන්වහන්සේළඟට වංගීෂ කියලා තාපසයෙක් යවකීර්ත විද්‍යාව ඉගෙන ගන්න ගියා. යවකීර්ත විද්‍යාව ඉගෙනගන්න ගියාම යවකිර්ත විද්‍යාව ඉගැන්නුවද? රහත් මග ඉගැන්නුවද? ඉතින් ඕනම රහත් වෙච්ච උත්තමයෙක් ළඟට කවුරු හරි ආවොත් උන්වහන්සේදන්න මාර්ගය උගන්වනවා මිසක් යවකීර්ත විද්‍යා අර විද්‍යා මේ විද්‍යා උගන්වන්න අවශ්‍යනෑ. ඒ වගේ තමයි මමත්. දන්න එක හැබෑව. අපිට අවශ්‍ය මිනිසුන්ගේ දුක නිවලා සසර සයුරෙන්ගලවන ක‍්‍රමය පෙන්වීම.
- ඔබවහන්සේට දුකදැනිච්ච විදිහ ඔබ වහන්සේ කියලා ඉවරයි. නමුත් ඔබට බාහිර සමාජයෙන් චෝදනාවක් තියෙනවා ඔබවහන්සේ ඇවිල්ලා බහු භාන්ඩික ඉතාම සුඛෝපබෝගි ජීවිතයක් ගත කරන ආශ‍්‍රමය ගියාම මාලිගාවක්වගේ පේන ඒ වගෙ තැනක ඉන්න සිරිධම්ම ස්වාමීන්වහන්සේට කොහොමද දුක දැනෙන්නෙ?
ලෝකයේ වැඩිපුරමදුක දැනෙන්නෙ රජවරුන්ට හිඟන්නන්ට වඩා. මං ඔබෙන් ප‍්‍රශ්නයක් අහන්නම්. මනුස්සයෙකුට හැමදාමඑළවළු මාළු 32කයි, බතුයි දෙනවා රාජභෝජනය වගේ. පළමු වැනි දවසේ කද්දිඒක රසද නැද්ද? රසයි. දෙවැනි දවසේ,රසයි. තුන්වැනි දවසේ, ටිකක් රසයි. හතර වැනි දවසේ උත්තර නෑ. පස්වැනිදවසේ නීරසයි. හය වැනි දවසේ වැඩක්ම නෑ. හත්වැනි දවසේ මෙලෝ රහක් නෑ. අට වැනි දවසේ දැන්නම් එපා වෙලා. මං අහන්නෙ ලෝකෙ දුක දැනෙන්නෙ රජවරුන්ටද? හිඟන්නන්ටද? රජවරුන්ට.
ඕනම භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා ඕනම කෙනෙකුට පින් කරපු අය ඉන්නවනේ. දැන් අපි ඔයකතාන්දරවල වුණත් කියන්නෙ, දැන් ඔය පැරැුණිපින් වාක්‍ය කියන කොට කියන්නෙ බන්දුල, මල්ලිකා, සුමනාතජාතා,විශාඛා සිටු දුවරුන්ට මෙන් සිතූ පැතූ සේ සම්පත් ලබා ලද්දා වූ සම්පත් ලබාසිත් සේ ප‍්‍රයෝජන ගනිමින් කියලනේ කියන්නෙ. සිත් සේ ප‍්‍රයෝජන ගනිමින් ඉන්න කොටනේ නිවන්දකින්න කියලා කියන්නෙ. ඒ කියන්නෙ ලෝකේ හැමදාම නිවන දකින්න ඕනෙ හිඟන්නෝ නෙමේනේ. ලෝකය නිවන දකින්න ඕනේ ලෝකේ ආස්වාදය ආදීනවය දැකලනේ නිස්සරනයට පත් වෙන්න ඕනෙ. බුද්ධාගම වචන තුනකින් කියන්න පුළුවන්නෙ. ආස්වාදය,ආදීනවය හා නිස්සරනය. ආස්වාදය දකින්නෙ නැතුව කොහොමදආදීනවය දකින්නෙ. ආදීනවය දකින්නෙ නැතුව කොහොමද නිස්සරනයට පත් වෙන්නෙ.
ලෝකයේ හැමදෙයක්මඑක එක්කෙනාගේ පිනට සාපේක්ෂවනේ ලැබෙන්නෙ. ඉතින් අපි මිනිස්සුන්ගෙන් හොරකම් කරලා නෑනේ.මිනිස්සු මට පූජා කරනවා. ඒ පූජා කරලා මිනිස්සු කියනවා ඔබ වහන්සේට පූජා කරන්න ලැබීමඅපිට ලොකු භාග්‍යයක් කියලා. අපිට ලොකු පිනක්. අපිට ලොකු අවස්ථාවක්. ඒක ඉතින් ඒ මිනිස්සුන්ටහිතලා කල්පනා කරලා දැනෙන දේවල්. ඒක මට වෙනස් කරන්න බෑ. ඉතින් ඒක දැනුනාම එගොල්ලෝ පූජකරනවා. නමුත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ මට කොච්චර දේවල් ලැබුණත් ඒවා ඇතුළෙ අමුතු වින්දනයක්තේරෙන්නෙ නෑ. මට ඉස්සර එහෙම දේවල් ලැබුණා. නමුත් අපි ගවේෂණය කරන කොට අර කෑම මේසේ කතාවපවා මට තේරෙන්න පටන් ගත්තා.
- ස්වාමීන් වහන්ස,දැන් මෙතැනදී මේ ගැටලූව නිරාකරණය කර ගන්න ඕනෙ. දැන් උන්වහන්සේට වැඩිය වත්පොහොසත්කම් තියෙන,සැප සම්පත් තියෙන ඕන තරම් මිනිස්සු අපි දන්නවා?
මිනිස්සු නෙමෙයිපැවැද්දොත් ඉන්නවා. දැන් අපි හිතමු ඇමෙරිකාවේ ඉන්න සුපිරි ධනවතෙක් ආවොත් කියයි අනේඔබවහන්සේගේ පන්සලේ පොඩියි. පර්චස් 68යි තියෙන්නෙ. අනික වාඩි වෙන්න පුටු 6යි තියෙන්නෙ.
- එවැනි සුපිරි ධනවතෙක්ටමේ අවබෝධය. එනම් මේ දුක අවබෝධ නොවෙන්නයි ඔබවහන්සේට අවබෝධ වෙන්නයි මොකක්ද තියෙන හේතුව?
ඒකට තමයි කියන්නෙපින. අපිට කොයි තරම් භව බෝග සැප සම්පත් ලැබිලාතිබුණත් වැඩක් නැහැ අපිට ඥානවන්ත භාවයක් නැත්නම්. බල්ලෙක් හැමදාම වමනේ කනවනේ. කිසිමදවසක බල්ලෙක් ඇවිත් කියනවද මට වමනේ කාලා එපා වෙලා තියෙන්නෙ කියලා. උන්ට එච්චරම හිතන්නනෑ පිනක්. ඌට එච්චර කල්පනා වෙන්න පිනක් නෑ. පාරමි ශක්තියක් නෑ කෙටියෙන්ම කිව්වොත්.මිනිස්සුන්ට පින තියේ නම් පාරමි ශක්තිය තියේ නම්. සසර කලක් තිස්සේ සංසාරේ බුදුවරු රහතුන්දැකලා ඒ නිවන් මඟ වඩලා තියෙනවා නම් ඒ මිනිහට වචනෙයන් කියා ගන්න බැරි මොකක්දෝ දෙයක්ඒ මිනිහා හොය හොයා යනවා. ඒ මිනිහට මැණිකක් දුන්නාම ඒ මිනිහා මැණිකෙ ලස්සන නෙමෙයි බලන්නෙ.මැණික අස්සෙ තමන් හොයන දේ තියෙනවද කියලා. ඒ මිනිහාව රත්තරන් ගොඩක වාඩි කළාම ඒ මිනිහාරත්තරන්වල ලස්සන බලන්නෙ නෑ. මම මේ මොකක්දෝ එකක් හොයනවා මට ඒකෙ අස්සෙ තියෙනවද කියලාබලනවා. එයා නිවන හොයනවා. එයා දන්නෙ නෑ මොකක්ද කියලා හොයන්නෙ. ඒ උතුමා නිවන හොයනවා.මිනිහෙක් කුසල් කරලා නම් පින් කරලා නම් ඒ මිනිහට කොච්චර දේවල් ලැබුණත් ඒ මිනිහා ඒවටඇලෙන්නෙ නෑ.
- ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට කවදාද සසර බිය වැඩියෙන්ම දැනිලා ප‍්‍රකම්පනයවෙච්ච දවස?
කුඩා කල සිටන්ම.මං ගොඩක් ගවේෂණය කළා මං පුංචි කාලය ඉඳන්ම ඥානය ගොඩක් වැඩි කෙනක්. කොච්චර වැඩිද කියනවානම් මට මතකයි පුංචි කාලයේ මට ගොඩක් කියවන්න ඕන වුණා. අපේ ගම්වල ඒ දවස්වල පොත්පත් තිබුණෙ නෑ.අහල පහළ ගෙවල්වල තිබ්බ පන්සල්වල තිබ්බ ඔක්කොම පොත් මං කටපාඩම් කළා. මට මේ තාම තියෙන්නෙඒ පාඩම.
- ස්වාමීන් වහන්ස,ඔබට වැඩියෙන්ම සසර බිය දැනිච්ච දවස මතකද?
සසර බිය දැනිච්චදවස කියලා කිව්වොත් මාත් එක්ක ගෑනු ළමයෙක් යාළු වෙච්ච දවස. එතකොට මට අමුතු විදිහට දැනෙන්නගත්තා. මට හිරවෙච්ච බවක් දැනගත්තා. මට නිමාවක් නොපෙනෙන ජීවිතයක් මැරෙනකම් මට එකට ජීවත්වෙන්න සිද්ධ වෙනවා. එතකොට මට තනියම නිදහසේ හිතන්න හම්බ වෙන්නෙ නෑ. මං ගොඩක් දේවල් කල්පනාකළා. ඒත් සමාජ සම්ප‍්‍රදායට මට විරුද්ධ වෙන්න බැරි වුණා. මං එකතු වෙන්න තීරණය කළා.නමුත් මං කල්පනා කළා. එතකොට අපි කල්පනා කළා ජීවිතය පිළිබඳව. ඒ හිරවෙන හිරවීම්. ඉතින්එහෙම කල්පනා කරන කොට ජීවිතේ ගොඩක් තේරෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මට මගේ ජීවිතෙ ගොඩක්දේවල් දැනුණේ මට අවුරුදු 26න් පස්සෙ. 25,26 වෙන කොට ජීවිතේ පුංචිළමයි එළියේ සැනසිල්ලේ සෙල්ලම් කරන කොට ගෙදර මවුපියෝ අඬනවා. මට ඒ වෙලාවේ තේරුණා මේ සමාජයේමොකක් හරි ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට තේරුම් ගන්න බැරි රහසක් තියෙනවා කියලා. ඒ රහස තේරුම් ගන්න බැරි නිසා අපි හැමදාම අසරණ වෙනවාජීවිතේ. අපි අසරණ නොවෙන්න කොහොමද කරගන්නෙ. හුඟක් ගවේෂණය කරනවා. ගවේෂණය කරන කොට ඒ ගවේෂණයනිරතුරුවම බුදුදහමත් එක්ක බද්ද වෙනවා.
- ගිය සුමානෙ මම ඔබවහන්සේ එක්ක කරපු සාකච්ඡවේදී ඔබ වහන්සේ කවදාවක්වත් කිව්වෙ නෑ මම අනාගතයේදී රහත්වෙනවා කියලා. ඔබ වහන්සේ පැවිදි වෙන කොට බලාපොරොත්තුවක් තිබ්බද?
මට කිසිම බලාපොරොත්තුවක්තිබ්බෙ නෑ. මම සාම්ප‍්‍රදායික මහණෙක්. මම නිවනක් දැනගෙන හිටියෙ නෑ. මම කල්පනා කළා මටකිසි කරදරයක් නැතුව විවේකයෙන් ඉන්න. මට උපාධියකුත් තියෙනවනේ. ඕන නම් ගුරු පත්වීමකුත් අරගෙන කේන්දරත් බලන්න දන්නවනේ.කේන්දරයකුත් බලාගෙන ඔය පන්සලක විහාරාධිපතිකමකුත් කරගෙන හිටියා නම් ඇති කියලා. එතකොටමම නිදහස්.
- ඔබ වහන්සේ ගිහිජීවිතයේ තියෙන තරගකාරී බවට මුහුණ දෙන්න තිබුණු බව නිසාද?
බය නිසා නෙමෙයි.මුහුණ දෙන්න තිබිච්ච අකැමැත්ත නිසා. ඒ මුහුණ දෙන්න අකැමැත්තක් ඇති වෙන්නෙ මට තේරෙනවාඔය ජීවිතෙත් එක්ක හැප්පිලා ඉවර වුණාට පස්සෙ අන්තිමට මුකුත් ඉතුරු වෙන්නෙ නෑ කියලා.අවසානයේ විඩාවක් විතරක් ඉතුරු වෙනවා. අවසානයේ කිසිවක් ඉතුරු වෙන්නෙ නෑ. අවසානයේ කිසිවක්ඉතුරු වෙන්නෙ නැති වුණාම මම හිතන්නෙ ඒක යුග පරිවර්තයක් කියලා සිදුවෙච්ච. මම ගිහිල්ලාසසුන් ගත වෙනවා. මම සසුන් ගත වෙලා ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ. සාමාන්‍ය භික්ෂුවක්විදිහට බස් එකේ ගියා, පයින් ගියා,විවිධ දේශනා ඇහුවා විජයානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවෝමට හුඟක් උදව් කළා. පොත පත කියෙව්වා. ඒ හැබැයි කුඩා කල ඉඳලම මම මොකක්දෝ දෙයක් හෙව්වා.
- ඔබ වහන්සේ කිව්වායම්කිසි දෙයක් භුක්ති විඳින්නෙ අවසාන ඵලය. ඒක අවසානයේදී ඒක එපා වීම කියලා. නමුත් ඔබවහන්සේ ගිහි ජීවිතේ විඳලා නෑනේ?
ගිහි ජීවිතය වින්දාහොඳට. ගිහි ජීවිතය විඳලා බැලූවා. විඳලා බලලා එහි විඩාව උපරිමයට ගත්තා. ඒ විඩාව උපරිමයටගත්ත නිසා තමයි පැවිදි ජීවිතයේ සාර්ථක වුණේ. ගිහි ජීවිතය විඳලා නෑ කියන්නෙ මං මේ දැන්කරපු කතාව අහලනේ. ගිහි ජීවිතයේ ගිහියෙක් හැටියට යන්න ඕන. විඳින්න ඕන. දකින්න ඕන. සියලූ සීමා මායිම් ඔස්සේජීවත් වුණා.
- මම ඇහුවේ ස්වාමීන්වහන්ස, පවුලක් පන්සලක් වෙලා දරුමල්ලෝ හදාගෙන?
පවුලක් පන්සලක්වුණා නම් එහෙම මේ සමාජයේ හැටියට ඔයාට වෙච්ච දේමනේ මටත් වෙන්නෙ. කවදාක්වත් නිදහස නෑනේ.ගැලවෙන්න බෑනේ. තමුන් ස්වෛරී නෑනේ. ස්වාධීන නෑනේ. තොටගමුවේ ශ‍්‍රී රාහුල හාමුදුරුවෝහිටියනේ. උන්වහන්සේ ස්ත‍්‍රීන් ගැන කවි ලිව්වනේ. ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සකවන් පුළුනු කුල යනාදී වශයෙන් කෝට්ටේ යුගයේදී.දවසක් 6 වැනි පරාක‍්‍රම බාහු රජ්ජුරුවෝකතා කරලා ඇහුවා ඔබ වහන්සේ මේ ස්ත‍්‍රීන් ගැන ඔච්චර දන්නෙ මේ ස්ත‍්‍රීන් එක්ක ජීවත්වුණාද? එතකොට ඇහුවා ‘මහ රජතුමනි, මනුස්සයන්ගේ අසූචි මොන රහද?’ රජ්ජුරුවෝ කිව්වා ‘ඇඹුල් රහයි’ කියලා. හාමුදුරුවේඇහුවා ‘ඔබතුමා කවනද?’ කියලා. දැන් මං මේ කියන එක පැහැදිලිද. එතකොටඇහුවා ‘ඔබ වහන්සේ කොහොමද ඇඹුල්නෑ කියලා දන්නෙ’. ‘තැටියක දාලා තිබ්බාම පිළුණු බැඳෙනව’යි කිව්වා. මනුස්සයෙක්ගේ ජීවිතේ දිහා බැලූවාමඒ ජීවිතේ බහින්න ඕන නෑ මනුස්සයකුට සුපිරි ඥානයක්තියෙනවා නම්. ගොනා යන්නෙ පොල් පැලේ පැත්තට කියලා කියන්න පුළුවන්. මං කියන එක පැහැදිලිද?මිනිහෙකුට කියන්න පුළුවන් එතැන්ට බහින්නෙ නැතුවඒක තුළ තියෙන සියල්ල කියන්න.
No comments:
Post a Comment