Translate

Translate

Showing posts with label දමිතා සේමිණිගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි. Show all posts
Showing posts with label දමිතා සේමිණිගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි. Show all posts

Monday, February 24, 2014

දමිතා සේමිණිගෙන් කෝටි 50ක් වන්දි ඉල්ලයි

ඒ.ජේ.ඒ. අබේනායක
තමන්ට එරෙහිව අධිකරණය හමුවේ අසත්‍ය පැමිණිල්ලක් ගොනුකොට සිය කීර්තිනාමයට කළ අපහාසයට පැමිණිලිකාර ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ලබාදෙන ලෙස ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී දමිතා අබේරත්න හරස් ඉල්ලීමක් මගින් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
පැමිණිලිකාර සේමිණි ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති එම නඩුවේ චෝදනා සියල්ල තමන් ප්‍රතික්‍ෂේප කරන බවත් එම චෝදනා සනාථ කිරීමේ භාරය පැමිණිලිකාරිය වෙත පවරා එකී චෝදනාවලින් තමන් නිදහස් කර එම නඩුව නිශ්ප්‍රභ කරන ලෙසත් නීතිඥ සමන්ති ගමගේ මහත්මිය මගින් අතිරේක දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය හමුවේ ගොනු කළ එම හරස් ඉල්ලීමෙන් ඇය අයැද තිබුණි.
පැමිණිලිකාර සේමිණි ඉද්දමල්ගොඩ සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී ඇති පරිදි ඇයට එරෙහිව තමා කිසිදු සම්මුඛ සාකච්ඡාවක් කිසිදු මාධ්‍ය ආයතනයකට ලබා නොදුන් බවත් යම්කිසි මාධ්‍ය ආයතනයක් හෝ වබේ අඩවියක් විසින් එවැනි ප්‍රවෘත්තියක් පළ කළේ නම් එහි වගකීම එම මාධ්‍ය ආයතනය භාරගත යුතු බවත් දමිතා අබේරත්න මෙනවිය සිය හරස් ඉල්ලීම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.
එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය දමිතා අබේරත්න කළ කරුණු දැක්වීම පිළිබඳ ප්‍රතිඋත්තර ලබන ජුනි 06 වැනි දා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට මුල් නඩුවේ පැමිණිලිකාරිය වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියට නියෝග කළාය.