Translate

Translate

Showing posts with label 106යි මරණ 60යි. Show all posts
Showing posts with label 106යි මරණ 60යි. Show all posts

Tuesday, June 3, 2014

මාස පහට ඩෙංගු රෝගීන් 11,106යි මරණ 60යි

මාස පහට ඩෙංගු රෝගීන් 11,106යි මරණ 60යි
ඒමන්ති මාරඹේ

මෙම වසරේ දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ (2 දා) වන විට 11,000 ඉක්‌මවා තිබිණි.

මේ අනුව මෙම වසරේ ජනවාරි මස සිට මැයි දක්‌වා ගත වූ මාස පහක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 11,106 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 60 ක්‌ පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම මුළු ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60.18 ක්‌ වාර්තා වී ඇත්තේ බස්‌නාහිර පළාතිනි. කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් පමණක්‌ මෙම වසර තුළදී ඩෙංගු රෝගීන් 4076 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා පෙන්වා දෙයි.

ඉකුත් මැයි මාසය තුළදී පමණක්‌ ඩෙංගු රෝගීන් 2299 දෙනකු දිවයිනෙන් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන්ද වැඩි දෙනකු වාර්තා වී ඇත්තේ බස්‌නාහිර පළාතින් බව වසංගත රෝග විශේෂඥයෝ පවසති.

දැනට ඩෙංගු රෝගය පැතිර යන රටාව අනුව මෙතෙක්‌ කාලයක්‌ පැවැසූ ආකාරයට දින තුනක්‌ නොව දින දෙකකට වඩා උණ පවතී නම් එම රෝගියා වහාම පිළිගත් රජයේ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම කාලෝචිත බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රෝහණ විඡේමුනි මහතා දිවයිනට පැවැසීය.