Translate

Translate

Showing posts with label මා සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ සතුටට කරුණක්. Show all posts
Showing posts with label මා සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ සතුටට කරුණක්. Show all posts

Saturday, April 19, 2014

මා සම්බන්ධ පොලිස් පරීක්‍ෂණ සතුටට කරුණක්

පොලීසිය විසින් තමන් ගැන විමර්ශනයක් ආරම්භ කිරීම සතුටට කරුණක් යයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ තමාට එරෙහිව ඇති පැමිණිලි විභාග කිරීමට යොමු වීමෙන් මෙතෙක් හෙළිකිරීමට නොහැකි වූ අන්තවාදීන් සිදුකරන ජාවාරම් විශාල ප‍්‍රමාණයක් පොලීසිය හමුවේ ප‍්‍රකාශ කිරීමට හැකිවන බවයි.
බුද්ධාගම විකෘති කළ පොත් මැදපෙරදිග සිට ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කි‍්‍රයාත්මක වන බවත් ඒවා ඇතුළු අන්තවාදී කි‍්‍රයා රැසක තොරතුරු පොලීසියට ලබාදීමට මෙතෙක් තමාට අවස්ථාවක් නොලැබුණු බැවින් මෙම අවස්ථාව ඉතා වටිනා අවස්ථාවක් බවද උන්වහන්සේ පවසති.
සුළුදේටත් පොලිස් ස්ථාන වලට ගොස් අන්‍ය ආගමිකයන් පැමිණිලි දමන බවත් බෞද්ධ ජනතාව කොතරම් පීඩා සිදු වුණත් එසේ නොකිරීම කනගාටුවට කරුණක් බවද පෙන්වා දෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ තමන්ගේ ආගමට ජාතියට හානියක් සිදුවන  ඕනෑම අවස්ථාවක නොබියව පොලිස් ස්ථානයක් වෙත ගොස් පැමිණිලි කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කීහ.