Translate

Translate

Showing posts with label ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවා. Show all posts
Showing posts with label ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවා. Show all posts

Tuesday, May 27, 2014

ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවා

ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවා

ඇමති විමල් ආණ්ඩුවෙන් බැස්සොත් අපි පිළිගන්නවාඇමති විමල් වීරවංශ ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවේම නොසිට ඉන් එළියට බහින්නේ නම් පිලිගන්න සූදානම් යයි එජාප බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
බුත්තලදී පැවති ජනහමුවක් අමතා අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
‘විමල් දැන් ආණ්ඩුව කඩන් වැටෙනවා කියනවා. වරාය පුස්සක් කියනවා. ආණ්ඩුව බංකොළොත් වෙලා කියනවා. එහෙම කියමින් අද ජනාධිපතිත් එක්ක තේ බොන්න ගිහින්.
ඔය බොරු උපවාස බොරු ජවනිකා වැඩක් නැහැ. මව්බිම බේරගන්නවා කියන පචවලට අහු වෙන්න එපා. කැබිනට්ටුවෙන් එළියට එන්න. අපි ගරු කරන්නනම්. අපි කියන ඒවා අපි කරලා පෙන්වන්නම්.
ජනාධිපතිටවත් ජාත්‍යන්තරයේ සහයෝගයක් නැහැ.හම්බන්තොට සංවර්ධනය කරන කොට එහි ජනතාවට රක්ෂාවල් හම්බවුණේ නැහැ. ගම්උදා හදනකොට කී දෙනෙකුට රක්ෂාවල් ලැබුණද.
අද විකල්ප දෙකයි තියෙන්නේ.කැසිනෝවයි කුඩු ගෙන්වීමයි.
ජාතියේ පියා,පොත් දුන් පියා,මහවැලියේ පියා,නිවාස දස ලක්ෂයේ පියා බිහිකළේ එක්සත් ජාතික පක්ෂයයි. කුඩු පියා,කැසිනෝ පියා,පිං පියා වගේ අය මේ ආණ්ඩුවෙන් බිහිකරලා ඉන්නවා’