Translate

Translate

Showing posts with label දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි... Show all posts
Showing posts with label දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි... Show all posts

Friday, May 23, 2014

දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි..

දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි..

දුමින්ද සිල්වා කොලොන්නාව හිරුණිකාට තහනම් කරයි..පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විසින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියට කොළොන්නාව ආසනය නොනිල මට්ටමින් තහනම් කලාපයක් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.
පසුගියදා පැවති වැල්ලම්පිටිය විමලාරාම පන්සලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට ද ආරාධනා කළ යුතු යැයි සංවිධායක මණ්ඩලයේ සිටි අයෙකු යෝජනා කර ඇති අතර එහිදී ක්ෂණිකව පිළිතුරු දෙමින් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ හිරුණිකා පැමිණෙන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බවයි.
කොළොන්නාවේ ආසන සංවිධායකවරයා තමන් බවද පවසා ඇති මන්ත‍්‍රීවරයා හිරුණිකා සහභාගි වන කිසිදු උත්සවයකට තමන් සහභාගි නොවන බවද සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් සංවිධායකයන් විසින් අවසානයේ මන්ත‍්‍රීවරයාගේ විරෝධය මත හිරුණිකා මන්ත‍්‍රීවරියගේ නම ආරාධිත ලැයිස්තුවෙන් කපා හැරීමට තීරණය කර තිබිණ.