Translate

Translate

Showing posts with label සුදු කොඩි සිද්ධියට ගෝඨාට. Show all posts
Showing posts with label සුදු කොඩි සිද්ධියට ගෝඨාට. Show all posts

Tuesday, May 20, 2014

සුදු කොඩි සිද්ධියට ගෝඨාට, ශවේන්ද්‍රට චෝදනා ගොනු කෙරේ..

සුදු කොඩි සිද්ධියට ගෝඨාට, ශවේන්ද්‍රට චෝදනා ගොනු කෙරේ..

සුදු කොඩි සිද්ධියට ගෝඨාට, ශවේන්ද්‍රට චෝදනා ගොනු කෙරේ..සුදු කොඩි සිද්ධියට අදාළ පිටු 42 ක සාවද්‍ය වාර්තාවක්‌ ශ්‍රී ලාංකිකයකු ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව විසින් ඊයේ (19 දා) මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත යොමුකර ඇතැයි අනාවරණය වේ.
මෙම ශ්‍රී ලාංකිකයාට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත.
මෙකී සාවද්‍ය වාර්තාව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා නඟා තිබේ.
මෙකී පිටු 42 ක වාර්තාවේ කෙටුම්පත් කළ ශ්‍රී ලාංකිකයා ආරක්‍ෂක බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත.
මොහු ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට තොරතුරු සපයන්නකු බව තවදුරටත් අනාවරණය වී තිබේ.
- කීර්ති වර්ණකුලසූරිය/Divaina