Translate

Translate

Showing posts with label දුමින්ද සිල්වාට හූ කියා පහර දෙති. Show all posts
Showing posts with label දුමින්ද සිල්වාට හූ කියා පහර දෙති. Show all posts

Sunday, February 16, 2014

දුමින්ද සිල්වාට හූ කියා පහරදෙති


වනාතමුල්ල ප‍්‍රදේශයේ අයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ඊයේ බේස්ලයින් පාරේ පැවති විරෝධතාවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට බෝතල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
පැහැර ගනු ලැබ බව කියන පුද්ගලයා සිය නිවස අසල සිටින විට වෑන් රථයකින් පැමිණි ආයුද සන්නද්ධ පිරිසක් මොහු මෙලෙස පැහැරගෙන ඇතැයි විරෝධතාකරුවන් කීහ.
ඉන් පසු ප‍්‍රදේශවාසීන් බේස් ලයින් මාර්ගයට පැමිණ මාර්ගය වසා මෙසේ විරෝධයේ නිරතවූ අතර තත්වය පාලනය කිරීමට එම ස්තානයට පැමිණි දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට විරෝධතාරුවන් හූ කියා වතුර බෝතලයකින්ද පහර දුන්හ. පොළිසිය විසින් තත්වය පාලනය කරනු ලැබීය.
මෙසේ පැහැරගැනීමට ලක් වූ බව කියන පුද්ගලයා පාතාලයට සම්බන්ධකම් ඇති අයෙක් බවද කියැවේ.
කෙසේ වෙතත් අවසානයේ අතුරුදන් වූ බව කියන සමරධීර සුනිල් නමැත්තා යළි එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව විරෝධතාකරුවන් පිරිසක් ප‍්‍රීති ඝෝෂා නගමින් එම ස්ථානයෙන් ඉවත් විය.