Translate

Translate

Showing posts with label උතුරු කොරියානුු මිසයිලවලට පහර දෙන්නට ජපානය නියෝග කරයි. Show all posts
Showing posts with label උතුරු කොරියානුු මිසයිලවලට පහර දෙන්නට ජපානය නියෝග කරයි. Show all posts

Wednesday, April 9, 2014

උතුරු කොරියානුු මිසයිලවලට පහර දෙන්නට ජපානය නියෝග කරයි

උතුරු කොරියාව විසින් තවදුරටත් ජපාන මුහුද ආසන්න ප‍්‍රදේශයේ මිසයිල අත්හදුබැලීම් සිදුකළහොත් එ්වාට පහරදී විනාශ කරන්නැයි ජපානය විසින් නියෝග කර තිබේ.
ජපාන ආරක්ෂක ඇමති ඉට්සුනොරි ඔනොඩෙරා විසින් අපේ‍්‍රල් 3 සහ 25 අතර කාලසීමාවට අදාළව මෙම නියෝගය ලබාදී ඇතැයි වාර්තා වේ.  එම කාලසීමාවේදී උතුරු කොරියානු මහජන හමුදාවේ 82වන සංවත්සරය සැමරීමට උතුරු කොරියාව විසින් සූදානම් වෙමින් සිටී.
මේ සමග එ්ජීස් මිසයිල ප‍්‍රතිග‍්‍රාහක සහිත කිරිෂ්මා නෞකාව ජපාන මුහුද වෙත පිටත්ව ගොස් තිබේ.  උතුරු කොරියානු මිසයිල විනාශ කරන ලෙස 2009 සිට අණ කළ 5වන අවස්ථාව මෙයයි.
පසුගියදා උතුරු කොරියාව විසින් ගුවන්ගත කළ රොඩොන්ග් මිසයිල එහි උපරිම දුර පරාසය වන කිලෝමීටර 1300කින් අඩක් පමණක් ගමන් කර ජපාන මුහුදට කඩා වැටුණු අතර මාර්තු මස සිට සිදුකළ 30වන මිසයිල අත්හදාබැලීම මෙය බව පැවසේ.
ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ජපාන සහ දකුණු කොරියානු නිලධාරීන් සමග හේග්හිදී සාකච්ඡ කරන අතරවාරයේදී මෙම මිසයිල අත්හදාබැලීම සිදුකර තිබේ.
2012 දෙසැම්බර් මස සිට උතුරු කොරියාව විසින් සිදුකළ දීර්ඝතම අත්හදාබැලීම මෙය වන අතර 2009න් පසු රොඩොන්ග් මිසයිලයක් දියත් කළ පළමු අවස්ථාවද මෙයයි.
කෙසේවෙතත් මිසයිල විනාශ කිරීමේ නියෝගය ප‍්‍රසිද්ධ කර නොමැති අතර මාර්තු අගභාගයේදී යළි පණගැන්වුනු ජපාන-උතුරු කොරියානු සාකච්ඡ බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහා ජපාන රජය එම පියවර ගත් බව දේශපාලන විචාරකයන් පවසති.