Translate

Translate

Showing posts with label ‘ෆොන්ටෙරා’ මෙරට ඒජන්තයෝ දමා තායිලන්තයේදී බ්ලූ ෆිල්ම් හදති. Show all posts
Showing posts with label ‘ෆොන්ටෙරා’ මෙරට ඒජන්තයෝ දමා තායිලන්තයේදී බ්ලූ ෆිල්ම් හදති. Show all posts

Saturday, April 5, 2014

‘ෆොන්ටෙරා’ මෙරට ඒජන්තයෝ දමා තායිලන්තයේදී බ්ලූ ෆිල්ම් හදති

ශ‍්‍රී ලංකාව තුල ඇන්කර් ඇතුලූ නවසීලන්ත ෆොන්ටෙරා නිෂ්පාදන ගෙන්වා බෙදා හරින ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන මෙරට බෙදා හරින ප‍්‍රධාන අලෙවි නියෝජිතයන් 50ක පමණ පිරිසක් තායිලන්ත සංචාරයක් සඳහා රැගෙන ගොස් සුපිරි ගණිකාවන් ලබා දී ඔවුන්ගේ ලිංගික ක‍්‍රියාකාරකම් සියල්ල වීඩියෝගත කර තිබේ.
දැනට සති කිහිපයකට පෙර මෙම සංචාරය ෆොන්ටෙරා සමාගම විසින් සූදානම් කර ඇත්තේ සිය අලෙවි නියෝජිතයන් දිරි ගැන්වීමේ අරමුණින් යයි පවසා වුවද අප වෙත වාර්තා වන තොරතුරු අනුව එය සදාචාර සීමාවන් ඉක්මවූ අලෙවිකරණ බලහත්කාරයකි.
අදාල අලෙවි නියෝජිතයන් පිරිස තායිලන්ත සංචාරය සඳහා රැගෙන ගොස් ඇති සමාගම විසින් ඔවුන්ට එරට ඇති සියළුම සැප පහසුකම් වලින් සන්තර්ජනය කරන්නට වග බලාගෙන ඇති අතර ලොව සුපිරිම ගණයේ ගණිකාවන්ගේ සේවයද ඊට ඇතුලත් වී තිබේ.
ෆොන්ටෙරා සමාගම විසින් ඉතා සූක්‍ෂම ලෙස ගණිකාවන් හා රති කෙළියේ යෙදෙන සිය අලෙවි නියෝජිතයන් හෝටල් කාමර තුල සැඟවූ කැමරා හරහා රූගත කර ඇති අතර දැන් එම සියලූ වීඩියෝපට ශ‍්‍රී ලංකාවේ ෆොන්ටෙරා ප‍්‍රධානීන් සතුව පවතී.
අදාල සංචාරයේදී ෆොන්ටෙරා සමාගම වැඩි වශයෙන් අවධාරණය කර ඇත්තේ සිය නිෂ්පාදන ලංකාවේ සියළු  වෙළඳසැල්වල ඉදිරිපස රාක්කයේ රැඳවිය යුතු බවත් අන් සියලූ සමාගම්වල කිරි නිෂ්පාදන ඒවායින් වසා දමන්නට නිරන්තරයෙන් වග බලා ගන්නා ලෙසත්ය.
ෆොන්ටෙරා නිස්පාදනවල විෂ රසායනික ඇති බවට හෙළිවීමත් සමඟ ලංකාවේ ඔවුන්ගේ වෙළඳපල කොටස දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්ව තිබේ.