Translate

Translate

Showing posts with label ෆොන්සේකා සෙබළුන් පිරිසකුත් සමඟ නැටූ නාටකයේ තවත් කොටසක් හෙළිවේ. Show all posts
Showing posts with label ෆොන්සේකා සෙබළුන් පිරිසකුත් සමඟ නැටූ නාටකයේ තවත් කොටසක් හෙළිවේ. Show all posts

Wednesday, May 14, 2014

ෆොන්සේකා සෙබළුන් පිරිසකුත් සමඟ නැටූ නාටකයේ තවත් කොටසක් හෙළිවේ

ෆොන්සේකා සෙබළුන් පිරිසකුත් සමඟ නැටූ නාටකයේ තවත් කොටසක් හෙළිවේපසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්‍සකයා වූ සරත් ෆොන්සේකා මහතා මැතිවරණයට පෙර අත්අඩංගුවට නොගත්තේ ඔහුට අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් ලැබෙන නිසා බවත්, ජනාධිපතිවරණයෙන් පස සිනමන් ලේක් හෝටලයේදී ඔහු මෙන් ඔහුට ආරක්ෂාව සලසමින් සිටි හමුදා සෙබළුන් පිරිස අත්අඩංගුවට ගත්තේ යැයි යුද හමුදා පොලීසියේ කර්නල් රංජන් පේ‍්‍රමලාල් මහතා කොළඹ මහාධිකරණයේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සේනක සිල්වා මහතාට එරෙහිව හමුදා සෙබළුන් දස දෙනෙකු රාජපාක්ෂිකභාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ බවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමිනි.
‘ෆොන්සේකා මහතා භාරයේ තිබූ වාහන, යතුරු පැදි හා හමුදා සෙබළුන් රැගෙන ඒම සදහා මා කොළඹ රැජින පාරේ පිහිටි 37 වැනි පටුමගේ පිහිටි ඔහුගේ නිවසට ගියා. එහි සිට හමුදා සෙබළු අතුරින් දෙදෙනෙකුට කතා කර ඔවුන් යළි හමුදාව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළා. හමුදා සැරයන් පද්ම කුමාර එහි සිටියත් ඔහු මා දැක මගහැර නිවස තුළට ගියා. පසුව ෆොන්සේකා මහතාට බාරදීමට ගෙනගිය ලිපිය කපිතාන් අරවින්ද නමැත්තාට බාර දුන්නා.
2009/11/29 වැනිදා ආරක්ෂක ලේකම්වරයා විසින් හමුදාපතිවරයාට ලිපියක් යොමු කරමින් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට යොමු කර සිටි සෙබළුන් 12 දෙනා සේවයට පැමිණ නොමැති බවට වූ ලිපියක් මා 2010/01/14  වැනිදා දැක්කා. එම ලිපියේ සදහන් වූ කරුණු අසත්‍යයි. ඒ වනවිටත් අදාළ සෙබළුන් ෆොන්සේකා මහතා ළග සිටියා. ඒ බව මා දැක්කා.
2010/01/26 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වූ දිනට පසුදින එනම්,2010/01/27 වැනිදා පාන්දර 1.00ට විනයාරක්ෂක අධීක්ෂකවරයා මට කළ දැනුම්දීමකට අනුව සෙබළ මුලක් ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ගියා. එහිදී ලද නියෝග වලට අනුව සිනමන් ලේක් හෝටලයේ සිටි හමුදාවෙන් පැන ගිය සෙබළුන් අල්ලාගැනීමේ මෙහෙයුමක් අපි දියත් කළා. අපි එම සෙබළුන්ගේ ජංගම දුරකථන ඇමතුම්ගෙන යටත් වන්නැයි දැනුම් දුන්නා. ඒ අනුව දවල් 11.00ට පමණ හෝටලයේ ගේට්ටුව අසලට විත් අපට යටත් වූ පසු අපි ඔවුන් අල්ලා ගත්තා. ඔවුන් යුද හමුදා කැලෑ ඇදුම්වලින් සැරසී සිටියා’ යයිද වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් ඔහු සඳහන් කලේය.