Translate

Translate

Showing posts with label දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර. Show all posts
Showing posts with label දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර. Show all posts

Friday, March 7, 2014

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර

අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා අධික මුදලක් වැය කරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වෙද්දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර හෙට, සෙනසුරාදා ජනතාවට නැරඹීම සඳහා අවසර ලැබෙන බව රජය නිවේදනය කොට තිබේ.
රටේ සංවර්ධන ක්‍රියාදාමයට නවීන මහා මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍ය බවයි රජය පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයක් සඳහා රුපියල් මිලියන 900 වැය කරද්දී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 1800 ක් වැය කොට ඇත.
එසේම තරගකාරිත්වයකින් තොරව චීන සමාගම්වලට ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබා දී ඇති බවටත් එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
හෙට සෙනසුරාදා පටන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර නැරඹීමට ජනතාවට අවසර ලැබෙතත් එය ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් නිල වශයෙන් විවෘත කෙරෙන්නේ ලබන පහළොස් වැනිදායි.