Translate

Translate

Showing posts with label අක්‌කලා දෙදෙනා කිඹුලා සමග පොර බදා නංගීගේ දිවි බේරා ගනිති. Show all posts
Showing posts with label අක්‌කලා දෙදෙනා කිඹුලා සමග පොර බදා නංගීගේ දිවි බේරා ගනිති. Show all posts

Monday, April 21, 2014

අක්‌කලා දෙදෙනා කිඹුලා සමග පොර බදා නංගීගේ දිවි බේරා ගනිති

කල්මුනේ - ආර්. ශ්‍රීවේල්රාජා

කලපුවේ දිය නෑමට ගොස්‌ සිටියදී කිඹුලකු ඇදගෙන ගිය සොහොයුරිය බේරාගත් සොහොයුරියන් දෙදෙනකු පිළිබඳව පුවතක්‌ සමන්තුරේ හෙයිනාකාඩු ප්‍රදේශයෙන් වාර්තාවේ.

එකම පවුලේ සොහොයුරියන් තිදෙනකු හෙයිනාකාඩු ප්‍රදේශයේ කලපුවේ දියනාමින් සිටියදී කිඹුලකු විසින් බාලම නැඟණිය ඇදගෙන යැමට තැත් කර තිබේ. ඉන් පසු ඇයගේ ජීවිතය බේරා ගැනීමට අනෙක්‌ දෙදෙනා කෑ ගැසු නමුත් අහල පහල කිනිවකු සිට නැත. මේ නිසා මෙම සහෝදරියන් දෙදෙනා කිඹුලාගේ පිට උඩ නැග කිඹුලා සමග පොර බදා සිය නැඟණිය බේරාගෙන තිබේ.

කිඹුලාගෙන් ජීවිතය බේරාගත් නැඟණියගෙ පාදයට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඇය සමන්තුරේ රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලටත් ඇතුළත් කර තිබේ.