Translate

Translate

Showing posts with label පාකිස්තානය හා කියුබාව සමග රුසියාව චීනය පිල්ලෙට බැටදෙයි. Show all posts
Showing posts with label පාකිස්තානය හා කියුබාව සමග රුසියාව චීනය පිල්ලෙට බැටදෙයි. Show all posts

Wednesday, March 12, 2014

පාකිස්තානය හා කියුබාව සමග
රුසියාව චීනය පිල්ලෙට බැටදෙයි
"ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීමට එයාට බැහැ"
ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ ගැන පරීක්‍ෂණ කොමිසමක්‌ පත් කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට කිසිදු බලයක්‌ නැතැයි රුසියාව සහ චීනය ප්‍රමුඛ රටවල් හතරක්‌ ඊයේ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාව සම්බන්ධ එවැනි විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට බලතල ඇත්නම් එය පෙන්වන්නැයි එකී රටවල් නවි පිල්ලේට අභියෝග කර තිබේ.

පකිස්‌තානය සහ කියුබාව ද රුසියාවේ හා චීනයේ අදහසට එකඟ වී ශ්‍රී ලංකාවට පක්‍ෂව හඬ නගන අවස්‌ථාවේ ඉන්දීය නියෝජිත කණ්‌ඩායම ඒ දෙස බලනු දක්‌නට ලැබී ඇත. මෙහිදී යුරෝපා සංගමයේ නියෝජිතයා දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාව ගැන විමර්ශනයක්‌ කිරීමට ඇමරිකානු යෝජනාව තුළින් නවි පිල්ලේට පුළුල් බලතල හිමිවන බවකි.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරී නිමල්කා ප්‍රනාන්දු සහ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ද ඇමරිකානු යෝජනාව මත ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි ප්‍රකාශ කර ඇත.