Translate

Translate

Showing posts with label නවිපිල්ලේගේ වාර්තාවට බ්‍රිතාන්‍යයෙත් සහය. Show all posts
Showing posts with label නවිපිල්ලේගේ වාර්තාවට බ්‍රිතාන්‍යයෙත් සහය. Show all posts

Friday, February 28, 2014

නවිපිල්ලේගේ වාර්තාවට බ්‍රිතාන්‍යයෙත් සහය


එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලෙයි විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට එකඟතාව පළ කරන බව බ්‍රිතාන්‍ය පවසයි. 

එරට විදේශ අමාත්‍ය හියුගෝ ස්වියර් පවසන්නේ නවිපිල්ලෙයිගේ වාර්තාවේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ පිළිගත හැකි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවයි. 

ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා නවිපිල්ලෙයි සිය වාර්තාවෙන් කර ඇති ඉල්ලීම පිළිගන්නා බව ද බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. 

කෙසේ වෙතත් ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම සහ යුද ගැටුම් පැවති ප්‍රදේශ ප්‍රතිසංවර්ධනය කිරීම ආදී කරුණු කෙරෙහි ශ්‍රී ලංකා රජය දක්වා ඇති දායකත්වය අගය කළ යුතු බව බ්‍රිතාන්‍ය රජය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ අමාත්‍ය හියුගෝ ස්වියර් පවසා තිබේ.