එහිදී ආයතන සභාපති ජයන්ත සමරවීර මහතා විසින් ඇමති වීරවංශ මහතාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. පසුව නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාගෙන් සමරවීර මහතා විමසා ඇත්තේ පසුගියදා වීරවංශ මහතා විසින් රජය තදබල ලෙස විවේතනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කඩා වැදීම සිදු වී ඇතිද යන්නයි.
නියෝජ්‍ය ඇමතිවරයා වහාම මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට දැනුම්දී ඇත්තේ එම කණ්ඩායම් වහා ආපසු කැඳවන ලෙසයි. ඒ අනුව එම පරීක්‍ෂණ කණ්ඩායම සුළු මොහොතකින් සිය කටයුත්ත නවතා දමා පිටත්ව ගොස් තිබේ.
මෙම විශේෂ පරීක්‍ෂණ ඒකකය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රජයේ ආයතන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම ඊට පැවරී ඇති රාජකාරියයි.
No comments:
Post a Comment