Translate

Translate

Showing posts with label ඤාණසාර හිමි උසාවියෙන් බේරිලා ඇවිත් පාරේ ඩෙඟා නටනවා. Show all posts
Showing posts with label ඤාණසාර හිමි උසාවියෙන් බේරිලා ඇවිත් පාරේ ඩෙඟා නටනවා. Show all posts

Wednesday, April 9, 2014

ඤාණසාර හිමි උසාවියෙන් බේරිලා ඇවිත් පාරේ ඩෙඟා නටනවා

බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් උසාවියෙන්ද බේරී ඇවිත් නීතිය අතට අරගෙන ඩෙඟා නටන බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
‘ජාතික බල සේනා’ සංවිධානයේ මාධ්‍ය හමුවට කඩා වැදී එය කඩාකප්පල් කර දැමීමද හෙළි දකින බව පවසන ඇමතිවරයා මෙසේද අදහස් පල කලේය.
‘බොදු බල සේනාව හිතුවක්කාර විඳියට නීතිය අතට අරගෙන ඩෙගා නටනවා. මේකට රජයෙන් පියවර ගන්න ඕන. නොගෙන බෑ. පහුගියදා ඥානසාර හාමුදුරුවෝ උසාවි දාලා තිබුණා කොහොම හරි එයා එතනිනුත් බේරිලා ආවා. දැන් මේ ප්‍රශ්නයත් උසාවියට දැමිය යුතුයි. එහෙම වෙයි කියලා මං විස්වාස කරනවා. ඒ වගේම ඒ අය වෙනුවෙන් මේ ඉහළින් තියෙන ආවරණය පැත්තකට දාලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි’