Translate

Translate

Showing posts with label ජපුර සිසුන් යකා නටයි - ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ. Show all posts
Showing posts with label ජපුර සිසුන් යකා නටයි - ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ. Show all posts

Monday, February 24, 2014

ජපුර සිසුන් යකා නටයි - ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. 

අද(24) පෙරවරු 8.00 පමණ මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෝරත නේවාසිකාරයේ රැඳී සිටින සරසවි සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාලයේ ඇති මුරකුටියට කඩා වැදී ඇති අතර ඉන් අනතුරුව මුර කුටිය දෙසට ගල් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව වාර්තා වෙයි. 

මෙම ගල් ප්‍රහාරයෙන් තුවලා ලැබූ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි. 

අති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලීසිය පවසයි.