Translate

Translate

Showing posts with label ඉන්දියාව ඡන්දෙ නොදෙන බව කී පුවත සැබෑ වෙයි. Show all posts
Showing posts with label ඉන්දියාව ඡන්දෙ නොදෙන බව කී පුවත සැබෑ වෙයි. Show all posts

Saturday, March 29, 2014

ඉන්දියාව ඡන්දෙ නොදෙන බව කී පුවත සැබෑ වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ගෙනෙනු ලබන යෝජනාවට ඉන්දියාව විරුද්ධ වන බවට සිළුමිණ දින 53 කට කලින් පළ කළ පුවත සැබෑවක් වී ඇත.
දෙස් විදෙස් මාධ්‍යයන් ඇමෙරිකානු යෝජනාවට ඉන්දියාව ඡන්දය දෙනු ඇතැයි පසුගිය බදාදා දක්වාම අනාවැකි පළ කරමින් සිටියදී 2014 පෙබරවාරි මස 02 දා සිළුමිණ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් මෙම යෝජනාවේදී ඉන්දීය විරෝධය මතුවෙනු ඇතැයි වාර්තා කර තිබිණි.
මේ අනුව ජිනීවා හි මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඉකුත් 27 වැනිදා පැවැති ඡන්ද විමසීමේදී පකිස්ථානය විසින් ඉදිරිපත් කරන ලද ඇමෙරිකානු යෝජනාවේ 10 වැනි වගන්තිය ඉවත් කළ යුතු ය යන යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව ඇමෙරිකානු යෝජනාව පිළිබඳ ඡන්ද විමසුමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඉන්දියාව මෙවැනි ස්ථාවරයකට එනු ඇතැයි කිසිවෙකුත් නොසිතූ මොහොතක සිළුමිණ පුවත්පත ඇමෙරිකානු යෝජනාව පිළිබඳව ඉන්දීය දේශපාලන නායකයින් මුල සිටම දැක්වූ ප්‍රතිචාරයන් කෙරෙහි විශේෂ විමර්ශනයක් සිදුකර පෙබරවාරි මස 2 වැනිදා මෙම පුවත පළකර තිබිණි.