Translate

Translate

Showing posts with label ඒලියන්ත වයිට්ගේ මෝටර් රථයට වෙඩි. Show all posts
Showing posts with label ඒලියන්ත වයිට්ගේ මෝටර් රථයට වෙඩි. Show all posts

Friday, February 28, 2014

ඒලියන්ත වයිට්ගේ මෝටර් රථයට වෙඩි


ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් මහතාගේ නිල රථයට අද (28) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. 

මිරිහාන,එදිරිසිංහ පාරේදී අලුයම 4.30 ට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි. 

ඒ මොහොතේ වෛද්‍යවරයා මෝටර් රථය තුළ නොසිටි බවත්, බෙල්ලන්විල රජමහාවිහාරයේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවකට අදාළව යම් උපකරණ කිහිපයක් ගෙන ඒම සඳහා රියදුරා වෛද්‍යවරයාගේ මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් පොලීසිය කියා සිටියි. 

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් රියදුරුට හානියක් සිදුවී නැතත් මෝටර් රථයට හානි සිදුවී ඇති අතර උණ්ඩ 3ක සලකුණු මෝටර් රථයේ පිටුපස දැකගත හැකි බවත් පොලීසිය සඳහන් කරයි. 

වැඩිදුර විමර්ශන මිරිහාන පොලීසිය විසින් සිදුකරයි.