Translate

Translate

Showing posts with label නි. ඇමැති හේමාල්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්. Show all posts
Showing posts with label නි. ඇමැති හේමාල්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්. Show all posts

Tuesday, June 3, 2014

නි. ඇමැති හේමාල්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්

නි. ඇමැති හේමාල්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්
නෝමන් පළිහවඩන

දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ රථවාහන පොලිසියේ සේවය කරන පොලිස්‌ කොස්‌තාපල් සුමින්ද සමන් මහතාට පහරදී ඔහුගේ වාහනය ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳව කොස්‌තාපල්වරයා දුන් ප්‍රකාශ අනුව නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ 'දිවයින' ට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය පිළිබඳව පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ යොදවා පරීක්‍ෂණ පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව ඇමැතිවරයාට එල්ල වූ චෝදනා බැහැර කිරීමට පොලිසිය අවශ්‍ය නොවන බවද පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස්‌ කොස්‌තාපල් පිළිබඳ තොරතුරු සොයා බලාගෙන යන බවද පොලිසිය කියයි.