Translate

Translate

Showing posts with label පකිස්ථානයෙන් කුඩු එව්වේ කොළඹ හෝටලයක ලිපිනයකටලු. Show all posts
Showing posts with label පකිස්ථානයෙන් කුඩු එව්වේ කොළඹ හෝටලයක ලිපිනයකටලු. Show all posts

Thursday, March 6, 2014

පකිස්ථානයෙන් කුඩු එව්වේ කොළඹ හෝටලයක ලිපිනයකටලු - වටිනාකම කෝටි 36යි


ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනරයක තිබි සොයාගත් හෙරොයින් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 36ක් පමණ වන බව රේගුව පවසයි. 

රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සදහන් කළේ ඊයේ රාත්‍රි මත්කුඩු කිලෝග්‍රෑම් 36ක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇති බවයි. 

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ බහාලුමක පෙට්ටි දෙකක ව්‍යාජ ලෙස සැකසු බෝල්ට් ඇණ කුහර තුළ අසුරා තිබු හෙරොයින් මත්කුඩු තොගය ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ විමර්ශනයකදී රේගු භාරයට ගැනිණ. 

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ පාකිස්ථාන ජාතිකයෙකු විසින් මෙරට කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක ලිපිනයක් වෙත අදාළ මත්කුඩු තොගය එවා තිබු බවයි. 

අදාළ බහලුම් අංගනයේ තවත් මත්ද්‍රව්‍ය තිබේ ද යන්න පිළිබඳ රේගුව විමර්ශන ආරම්භ කර තිබේ.