Translate

Translate

Showing posts with label ප්‍රචාරක කටයුතු අදින් අවසන්. Show all posts
Showing posts with label ප්‍රචාරක කටයුතු අදින් අවසන්. Show all posts

Tuesday, March 25, 2014

ප්‍රචාරක කටයුතු අදින් අවසන්

ප්‍රචාරක කටයුතු අදින් අවසන්

රනිල් ධර්මසේන

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (26 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිස්‌ත්‍රික්‌ක බලප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල හා පෝස්‌ටර්, බැනර් හා කටවුට්‌ ගලවා ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා සියලු පක්‍ෂ ලේකම්වරුන්ට හා ස්‌වාධීන කණ්‌ඩායම් නායකයන්ට ලිතව දැනුම් දී ඇත.

අපේක්‍ෂකයකුට දිස්‌ත්‍රික්‌කයක එක්‌ කාර්යාලයක්‌ හා සිය නිවස කාර්යාලයක්‌ ලෙසත් පවත්වාගෙන යා හැකි අතර පක්‍ෂයකට එක්‌ මධ්‍ය කාර්යාලයක්‌ පමණක්‌ අද සිට පවත්වාගෙන යැමට අවසර ලබා දී තිබේ.

හෙට (27 වැනිදා) සිට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවා අදාළ ප්‍රදේශවල සිදු විය හැකි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍ෂණිකව පාලනය කිරීමට කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා පියවර ගෙන ඇත.

මැතිවරණය පැවැත්වෙන ලබන 29 වැනිදා දිනයට පැය 48 කට පෙර එනම් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ප්‍රචාරක කටයුතු නැවැත්වීමට ක්‍රියා කළ යුතු අතර එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොමසාරිස්‌වරයා පොලිසියට උපදෙස්‌ දී තිබේ.