Translate

Translate

Showing posts with label එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම. Show all posts
Showing posts with label එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම. Show all posts

Saturday, March 29, 2014

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ රටවල් කිහිපයක් කටයුතු කරන ආකාරය හේතුවෙන් ජාතීන් අතරේ සංහිඳියාව ගොඩනගා ගැනීම අසීරු වී ඇති බව විදේශ ඇමැති ජී.එල්. පීරිස් මානව හිමිකම්. කොමසාරිස් නවී පිල්‍ලේට දන්වා ඇත.
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කටයුතු කරන ආකාරය සහ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව කෙරේ සෘනාත්මක බලපෑමක් ඇතිවන අන්දමින් සොයා බැලීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙමින් බෙදුම්වාදී
පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් වඩාත් දර දඬු ආකාරයකට කටයුතු කරන බව ඇමැති ජී.එල්.පීරිස් මානව හිමිකම් කොමසාරිස් නව පිල්ලෙට කියා සිටි බව ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
 වෙනත් රටවල මැතිවරණ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ශ්‍රී  ලංකාව දේශපාලන පාපන්දුවක් සේ යොදා ගැනීම කනගාටුවට කරුණක් බව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරියට පෙන්වා දුන් බව තානාපති කාර්යාලය පවසයි.
 දෙමළ ජනතාව බහුලව වෙසෙන විදේශ රටවල දේශපාලනඥයන් එම ජනයාගේ ඡන්ද ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔවුන්ට වාසිදායක ලෙස පාවිච්චි කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කර ඇත.
පැතුම් වික්‍රමරත්න