දිවයින විමසයි
'නෑ.. නෑ.. නීතිය ක්‍රියාත්මක කරනවා'
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක
අජිත් අලහකෝන්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේදැයි අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට "නෑ... නෑ.... පරීක්ෂණ අවසන් වූ පසුව ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යෑයි අජිත් රෝහණ මහතා කීවේය.
මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණවලදී නගරාධිපතිවරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වෙනවා නම් ඔහු අත්අඩංගුවට ගන්නේදැයි අප යළිත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.
"පරීක්ෂණවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා" යෑයි ඔහු නැවතත් ප්‍රකාශ කළේය.
එමෙන්ම හම්බන්තොටදී එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල වෙද්දී එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.
"ඒ සම්බන්ධයෙන් තවම පරීක්ෂණ සිදුකරනවා... අජිත් මාන්නප්පෙරුම, ආර්. යෝගරාජන් සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ කටඋත්තර මේ වන විට සටහන් කරගෙන තිබෙනවා යෑයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කීවේය.
No comments:
Post a Comment