ලහිරු නිසා රියලිටි ලොක්කෝ ඇනගනියි !
තරුණ පරපුරේ ජනප්රිය ගායකයකු වන ලහිරු පෙරේරාට රියලිටි වැඩසටහනකට සහභාගිවන ලෙස රියලිටි ලොක්කෙක් කළ ආරාධනාවකට අපූරු අභියෝගයක් දී ඇතැයි වාර්තා වේ.
ඒ රියලිටි නිෂ්පානයකදී විනිසුරුවන් වෙනුවෙන් වෙන් කළ නොහැකි මුදලක් ඔහු විසින් ඉල්ලා සිටීමෙනි.
ලහිරු මේ සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් දක්වමින් මෙලෙස කියා තිබිනි.
'' රියලිටිවලට නොගිය හේතු දෙකක් තියෙනවා. එකක් මගේ මුදල ඔවුන්ට ගෙවන්න බැරි වුණා. අනෙක විනිශ්චයට නුසුදුසු අය සමඟ මට වාඩි වෙන්න වුණ එක. සමහර අයව මිනිස්සු දැන ගන්නෙත් ඒ මනුස්සයා ඒ වැඩසටහනට ආවට පස්සේ. කරපු දේකුත් නෑ. කියපු සින්දුවකුත් නෑ, සින්දුවක් කියන්න පුළුවන්ද කියලා දන්නෙත් නෑ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ පොඩ්ඩක් මොළේ කල්පනා කරලා මේ වගේ අයගේ විනිශ්චය ගැන තීරණය කරන්න කියලයි.''
ලහිරු ‘ලා සිංඤෝ’ වුණ ආකාරයත් ඔහු මෙහිදී හෙලිකර තිබිනි.
ලහිරු ‘ලා සිංඤෝ’ වුණ ආකාරයත් ඔහු මෙහිදී හෙලිකර තිබිනි.
''ඒක අහඹු සිදුවීමක්. “පොඩි සිංඤෝ මරං” කියලා සින්දුවක් අපි ඉස්සරහට කරන්න ඉන්නවා. ඒකේ කියැවෙන්නේ මොඩර්න් ආරච්චිලා කෙනෙක් ගැන. ඉතින් සින්දුව එන්න කලින්ම මේ ‘ආරච්චිලා’ කියන ‘කන්සෙප්ට්’ එක අපේ රසිකයන් අතරට ගෙනල්ලා එයාලට අදහසක් දෙන්න තමයි මේ ආරච්චිලා කලඑළි බැස්සේ.
මගේ පෙනුම වෙනස් වෙනකොට නමත් වෙනස් වුණොත් හොඳයි කියල හිතුණා. ලහිරු පෙරේරා කියන නම පිටරටකට බ්රෑන්ඩ් කරන්න අමාරුයි. මොකද ලංකාවෙන් පිටතට අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන අදහසත් ආවෙත් මේ කාලෙමයි. ඉතින් අපේ මේ හැම සංකල්පයක් ම එකිනෙකට හොඳට මැච් වුණු නිසා ලහිරු ලා සිංඤෝ වුණා.''
No comments:
Post a Comment