විදුහල්පතිට එරෙහි උපවාසය දිගටම
"උපවාස කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක්"
පොලිසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ඉවත දමයි
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල
උපවාසය හේතුවෙන් පොදු දේපළවලට හෝ මහජනයාට හානියක් සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවලින් තහවුරු නොවන බවද පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා උද්ඝෝෂණ හා උපවාස පැවැත්වීම මූලික මානව අයිතිවාසිකමක් බවද අවධාරණය කළේය.
සිසුවියගේ සියදිවි හානි කර ගැනීමට විදුහල්පතිවරයා වගකිවයුතු බව කියමින් ඒ සඳහා වහාම බලධාරීන්ගේ අවධානය යොමුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ඇගේ ඥතීන්, හිතවතුන් හා ආදි සිසුන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණ භූමියේ මාරාන්තික උපවාසයක් අරඹා ඇත. උපවාසය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් ඉල්ලීමක් කළ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතා උපවාසකරුවන්ට එම භූමියෙන් ඉවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එසේ දන්වා සිටියේය.
මාරාන්තික උපවාසය මේ වන විට දින දෙකක් පුරා පවත්වා ඇති අතර කීපදෙනකුගේ ශරීර සෞඛ්‍යයද අයහපත් වී ඇතැයි පවසන පොලිසිය විදුහල්පතිවරයාට සහාය පළකරමින් තවත් පිරිසක් උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකරාශි වූ බවත්, ඔවුන් විසුරුවා හැරිය බවත් "දිවයින"" ට කියා සිටියේය.
No comments:
Post a Comment