විනාශ වූ යාපනයේ මහා පොත් දේවාලය
1981 මැයි 31 වැනිදා ඉරිදාවකි. මේ කාලයේදී මෙරට තිබූ වඩාත් ජනප්‍රිය දෙමළ පක්ෂය අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. එදින එම පක්ෂයේ රැළියක් යාපනේ ඇල්µ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී හටගත් වෙඩි තැබීමකදී සිංහල පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් මියගියහ.
මේ මහත් ව්‍යසනයෙන් පසු යාපනයේ පුස්තකාලය අලුතින් ගොඩනැංවිය යුතු බව නගර සභාව තීරණය කළේය. ගින්නෙන් පිළිස්සී ගිය ගොඩනැඟිල්ලේ නටබුන් එසේම තිබියදී ඒ පිටුපස මුල් ගොඩනැඟිල්ලේ අනුරුවක් ඉදිකළ යුතු බව වැඩි දෙනාගේ මතය විය. එය මෙරට පැවති සිංහල දෙමළ ප්රශ්නයේ පිළිබිඹුවකි. දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලූ විට නටබුන් වූ ගොඩනැඟිලි කිහිපයක් තවත් ඒ නගරවල ඒ තත්ත්වයෙන්ම නඩත්තු කරගෙන යනු ලැබේ. එය දකින විට ජපානය ගැන අනුකම්පාවකුත් ඇමරිකාව ගැන වෛරයකුත් හටගනී. යාපනේ නගර සභාවේ අරමුණ ද මෙයම විය. එය සිංහල දෙමළ ප්රශ්නය චෛතසික වශයෙන් තවදුරටත් නඩත්තු කරන්නකි. 1982 දී ඉදිකිරීම් ඇරඹුනු නව ගොඩනැඟිල්ල 1984 ජුනි 4 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් විසින් විවෘත කරනු ලැබීය. එය ගාලු කොටුවට සහ මනිපාර් කෝවිලට මුහුණලා ඉදිකර තිබිණි.
1985 දී යාපනය යුද බියෙන් ත්‍රස්තවී ගියේය. අලුත් පුස්තකාල ගොඩනැඟිල්ල වටා හමුදාව සහ කොටි වෙඩි තබා ගත්හ. බියපත් මිනිස්සු පණ ගලවා ගැනීම සඳහා අලුත් පුස්තකාල ගොඩනැඟිල්ලේ පදිංචි වූහ. වහා ක්‍රියාත්මක වූ යාපනේ නගර සභාව පුස්තකාලයේ තිබූ සියලු පොත්පත් නවලර් හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයට රැගෙන ගියේය. මේ අතර ෂෙල්a වෙඩි සහ රොකට් වෙඩි වරුසා නිසා අලුත් පුස්තකාලය සිදුරු විය. ඉතිහාසය පුනරුච්ඡාරණය වෙයි. අවසානයේදී යාපනයේ පුස්තකාලය නැවත වරක් විනාශ වි නටබුන් විය.
1981 දී යාපනයේ පුස්තකාලයට ගිනි තැබීමෙන් ගොඩනැඟිල්ලට සිදුවූ හානිය (පොත් සහ අත්පිටපත්වලට වූ හානිය ගණන් බැලීමට බැරි තරම් විශාලය.) රුපියල් ලක්ෂ 12 කි. ඒ බව නගර සභා කොමසාරිස් සිවඥනම් පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් විය. 1997 දී පොදුජන එක්සත් පෙරමුණු රජය එය නැවත ඉදිකරන විට ගොඩනැඟිල්ලට ඇස්තමේන්තු කළ මුදල් රුපියල් ලක්ෂ 7000 ක් විය. 2002 ජනවාරි මාසයේදී එය සාදා නිම කරන විට රුපියල් ලක්ෂ දස දහසකට වඩා වැයවී තිබිණ. මෙය අළු මතින් නැගී සිටි ගොඩනැඟිල්ලකි. එක් වරක් නොව දෙවරක්ම විනාශ වූ පුස්තකාලයකි. දැනුම පිළිබඳ මේ මහා දේවාලය වරක් නොව දෙවරක්ම විනාශ වූ බව මතක ඇත්තෝ අල්පයහ. (මූලාශ්‍ර - The Jaffna Pablic Library Rises From Its Ashes by V.S. Thurairajah)
අනුර සොලමන්ස්
No comments:
Post a Comment