සුදු ගෝනෙක් ශ්රී ලංකාවේ වනාන්තරයක ඉතා හොඳින් ජීවත් වෙයි. සුදු ගෝනා සමග මිතුරු වූ දුඹුරු පැහැති තවත් ගෝන්නු තිදෙනෙක් ද එකට වසති. ඉතා දුර්ලභ සත්ත්වයකු වන සුදු ගෝනා ගැන පුවතක් අපට අසන්නට ලැබෙන්නේ ශ්රී වික්රමරාජසිංහ රජ සමයේ දී ය.
රාජසිංහ රජු සුදු ගෝනකු ඇතිදැඩි කළායි ජනප්රවාදයේ සඳහන් ය. ඉන් අනතුරුව සුදු ගෝනා මතුවන්නේ ආර්.එල්.ස්පිට්ල් ගත්කතුවරයාගේ ‘සුදු ගෝනා’ කෘතියෙනි. ඉන්පසු සුදු ගෝනකු ගැන ඇසූ බවක් මතකයේ නැත.
ඉතා සංවේදී සත්ත්වයකු වන සුදු ගෝනා මතු දිනයක දී රුදුරු සතෙකුගේ ප්රහාරයකින් මිය යාමට පිළිවන. ඒ ස්වභාව ධර්මයයි. එතෙක් කල් සුදු ගෝනාට වනයේ සුන්දරත්වය විඳමින් කල්ගත කරන්නට ලැබීම ඌට ලැබෙන හොඳම ජීවන මාර්ගයයි.
සටහන සහ ඡායාරූප - අනිල් ජයන්ත විතානගේ
No comments:
Post a Comment