Translate

Translate

Sunday, March 16, 2014

ලොව විශිෂ්ටතම පර්යේෂණය


කල්ප ගණනාවකින් පහළ වන බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රඥව මෙතෙකැයි කියා නිම කළ නොහැකියි. අද ලෝකයේ හැමතැනම දකින්න ලැබෙන්නේ පර්යේෂණ. විවිධ අය විවිධ පර්යේෂණ කරනවා. ඒ අතර විද්‍යාඥයෝ විද්‍යාත්මක පර්යේෂණ කරනවා. ගණිතඥයෝ ගණිතය ගැන පර්යේෂණ කරනවා. භූගෝල විද්‍යාඥයො භූවිෂමතා ආදිය ගැන පර්යේෂණ කරනවා. දේශපාලන විද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයො, ඉතිහාසඥයෝ, පුරා විද්‍යාඥයො ආදී විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් පර්යේෂණ කරනවා. ඒ පර්යේෂණ සඳහා ඒ අය තම තමන්ගේ ඇස්‌, කන්, නාසය, දිව, කය, මනස ආදී ආයතන උපයෝගී කරගන්නවා. ඒ වගේම සමහරු ඒවා ගැනත් පර්යේෂණ කරනවා. නමුත් ඒවා භෞතික පර්යේෂණ. ඒ එකදු විද්‍යාඥයකුටවත් හසු නොවන පර්යේෂණයක්‌ අපේ බුදුරජාණන් වහන්සේ සිදු කළා.
ඒ පර්යේෂණය පිළිබඳවයි, අද විග්‍රහය. මේ දේශනාව තිබෙන්නේ සංයුක්‌ත නිකායේ සලායතන සංයුත්තයෙ. ඒකෙ නම අස්‌සාද පරියේසන සූත්‍රය. ඒ දේශනයට අනුව උන්වහන්සේ ඇසෙහි ආසවාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. (චක්‌ඛුස්‌සාහං භික්‌ඛවේ අස්‌සාදපරියේසනං අචරියා (ඇසෙහි යම් ආස්‌වාදයක්‌ තිබෙනවා නම් ඒක උන්වහන්සේට අවබෝධ වුණා (යෝ චක්‌ඛුස්‌ස අස්‌සාදො තදඡ්ධගමං). ඒ වගේම ඇසෙහි ආස්‌වාදය යම් තාක්‌ තිබේ නම්, උන්වහන්සේ ඒක මනාකොට ප්‍රඥවෙන් දැකගත්ත (යාවතා චක්‌ඛුස්‌ස අස්‌සාදොa පඤ්ඤාය මේ සෝ සුදිට්‌ඨෝ). ඊට පස්‌සෙ උන්වහන්සේ ඇසෙහි තිබෙන ආදීනවය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. (චක්‌ඛුස්‌සාහං භික්‌ඛවේ ආදීනව පරියේසනං අචරිං). උන්වහන්සේට ඇසෙහි තිබෙන ආදීනවය මනාකොට අවබෝධ වුණා යෝ චක්‌ඛුස්‌ස ආදීනවෝ තදඡ්ධගමං). ඒ වගේම ඇසෙහි ආදීනවය යම්තාක්‌ද මැනවින් ප්‍රඥවෙන් දැකගත්තා (යාචතා චක්‌ඛුස්‌ස ආදීනවෝ පඤ්ඤාය මේ සෝ සුදිට්‌ඨෝ). ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසෙන් නිදහස්‌වීම, නැත්නම් නිස්‌සාරණය ගැන පර්යේෂණ කරමින් ගියා. (චක්‌ඛුස්‌සාහං භික්‌ඛවේ නිස්‌සරණ පරියේසනං අචරිං). එවිට ඇසෙහි යම් නිදහස්‌ වීමක්‌ තිබෙනවා නම් උන්වහන්සේට ඒක අවබෝධ වුණා. (යං චක්‌ඛුස්‌ස නිස්‌සරණං තදඡ්Cධගමං). ඒ වගේම ඇසෙහි නිස්‌සරණය යම්තාක්‌ නම් ඒ ගැන උන්වහන්සේ මැනවින් ප්‍රඥවෙන් දැකගත්තා (යාචතා චක්‌ඛුස්‌ස නිස්‌සරණං පඤ්ය මේ තං සුදිට්‌ඨං)
ඊළඟට උන්වහන්සේ කන ගැන පර්යේෂණය කරමින් ගියා. පළමුවෙන්ම කනේ ආශ්වාදය ගැන පර්යේෂණ කළා. කනෙහි තිබෙන ආස්‌වාදය තිබෙන ආස්‌වාදය උන්වහන්සේට අවබෝධ වුණා. ඒ වගේම කණේ ආශ්වාදය යම්තාක්‌ තිබෙනවා නම් ඒක උන්වහන්සේ මනාකොට ප්‍රඥාවෙන් දැකගත්තා. පසුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කනේ තිබෙන ආදීනවය ගැන පර්යේෂණ කරමින් ගියා. උන්වහන්සේට කනේ තිබෙන ආදීනවය මනාකොට අවබෝධ වුණා. ඒ වගේම කනේ ආදීනවය යම්තාක්‌ද ඒක මැනවින් ප්‍රඥවෙන් දැකගත්තා. උන්වහන්සේ කණේ නිස්‌සරණය ගැන පර්යේෂණය කරමින් ගියා. කනේ නිස්‌සරණය ගැන උන්වහන්සේට මනාකොට අවබෝධ වුණා. ඒ වගේම කනේ නිස්‌සරණය යම්තාක්‌ තිබෙනවා නම් ඒක මනාකොට ප්‍රඥවෙන් දැකගත්තා.
ඊළඟට උන්වහන්සේ නාසයේ ආස්‌වාදය ගැන පර්යේෂණ කරමින් ගියා. උන්වහන්සේට නාසයෙහි ආස්‌වාදය අවබෝධ වුණා. ඒ වගේම නාසයේ ආස්‌වාදය තිබෙන්නේ යම්තාක්‌ද ඒ ගැන උන්වහන්සේ ඉතා මැනවින් ප්‍රඥවෙන් අවබෝධ කරගත්තා. නාසයේ ආදීනවය ගැන උන්වහන්සේ පර්යේෂණ කරමින් ගියා. නාසයේ ආදීනවය ගැන උන්වහන්සේට අවබෝධ වුණා. නාසයේ යම්තාක්‌ ආදීනවයක්‌ තිබෙනවා නම් ඒක මනාකොට ප්‍රඥවෙන් දැකගත්තා. පසුව උන්වහන්සේ නාසයේ නිස්‌සරණය ගැන පර්යේෂණ කරමින් ගියා. එවිට නාසයෙන් නිදහස්‌ වීම පිළිබඳව උන්වහන්සේට අවබෝධ වුණා. ඒ වගේම නාසයෙන් නිදහස්‌ වීම (නිස්‌සරණය) යම්තාක්‌ ද ඒක මනාකොට ප්‍රඥවෙන් අවබෝධ කරගත්තා.
අපේ භාග්‍යවතුන් වහන්සේ දිවේ ආස්‌වාදය ගැන පර්යේෂණ කරමින් ගියා. එවිට උන්වහන්සේට දිවේ යම්කිසි ආශ්වාදයක්‌ තිබෙනවා නම් ඒක අවබෝධ වුණා. උන්වහන්සේ දිවේ යම්තාක්‌ තිබෙන ආස්‌වාදය මැනවින් ප්‍රඥවෙන් දැකගත්තා. උන්වහන්සේ දිවේ ආදීනවය ගැන පර්යේෂණ කරමින් ගියා. එවිට දිවේ ආදීනවය පිළිබඳව උන්වහන්සේට අවබෝධ වුණා. දිවේ යම්තාක්‌ ආදීනවයක්‌ තිබෙනවා නම් ඒක උන්වහන්සේ මැනවින් ප්‍රඥවෙන් දැක්‌කා. උන්වහන්සේ දිවේ නිස්‌සරණය ගැන පර්යේෂණ කරමින් ගියා. එහිදී දිවේ නිස්‌සරණය ගැන උන්වහන්සේට අවබෝධ වුණා. දිවේ යම්තාක්‌ තිබෙන නිස්‌සරණය උන්වහන්සේ මනාකොට ප්‍රඥාවෙන් දැකගත්තා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කයේ ආස්‌වාදය ගැන පර්යේෂණ කරමින් ගියා. එවිට උන්වහන්සේට කයේ ආස්‌වාදය අවබෝධ වුණා. ඊළඟට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කයේ තිබෙන ආස්‌වාදය යම්තාක්‌ නම් ඒක මැනවින් ප්‍රඥවෙන් දැකගන්න ලැබුණා. ඊළඟට උන්වහන්සේ කයේ ආදීනවය ගැන පර්යේෂණ කරමින් ගියා. උන්වහන්සේට කයේ ආදීනවය අවබෝධ වුණා. කයේ තිබෙන ආදීනවය යම්තාක්‌ නම් ඒක ප්‍රඥවෙන් දැකගත්තා. උන්වහන්සේ කයේ නිස්‌සරණය ගැන පර්යේෂණය කරමින් ගියා. කයේ නිස්‌සරණය ගැන උන්වහන්සේට අවබෝධ වුණා. කයේ තිබෙන නිස්‌සරණය යම්තාක්‌ නම් ඒක මැනවින් ප්‍රඥවෙන් දැකගත්තා.
අපේ භාග්‍යවතුන් වහන්සේ මනසේ ආස්‌වාදය ගැන පර්යේෂණ කරමින් ගියා. එවිට මනසේ තිබෙන ආස්‌වාදය උන්වහන්සේට අවබෝධ වුණා. ඒ වගේම මනසේ තිබෙන ආස්‌වාදය යම්තාක්‌ නම් ඒ ගැන මැනවින් ප්‍රඥවෙන් දැකගන්න උන්වහන්සේට හැකියාව ලැබුණා.. ඊළඟට උන්වහන්සේ මනසේ ආදීනවය පර්යේෂණ කරමින් ගියා. මනසේ ආදීනවය උන්වහන්සේට අවබෝධ වුණා. යම්තාක්‌ තිබෙන මනසේ ආදීනවය මනාකොට ප්‍රඥවෙන් දැකගත්තා. ඊළඟට උන්වහන්සේ මනසේ නිස්‌සරණය ගැන පිළිබඳ පර්යේෂණ කරමින් ගියා. උන්වහන්සේට මනසේ නිස්‌සරණය අවබෝධ වුණා. මනසේ නිස්‌සරණය යම්තාක්‌ නම් ඒක ඉතා මැනවින් ප්‍රඥවෙන් අවබෝධ කරගත්තා.
පිංවතුනි, මේ ආකාරයෙන් ඇස, කන, නාසය, දිව, කය, මන පිළිබඳව උන්වහන්සේ ආස්‌වාදය, ආදීනවය, නිස්‌සරණය පර්යේෂණාත්මකව අවබෝධ කරගත්තා. යම් දවසක මේ සියල්ල නිවැරැදි ලෙස අවබෝධ කරගත්තාද අන්න එදා තමයි, උන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේ ලෙස ප්‍රතිඥ දුන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ෙච්තෝ විමුක්‌තිය වෙනස්‌ නේනේ නැති බව ප්‍රතිඥ දුන්නෙ. නැවත උපතක්‌ නැති බව ප්‍රතිඥ දුන්නෙ. අපිත් මේ ආයතනවල සැබෑ ස්‌වභාවය ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් අවබෝධ කරගෙන සසර දුකින් නිදහස්‌ වෙමු.
පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
දිවයින

No comments:

Post a Comment